Home අද අල්ලස් කොමිෂන් සභාවට ලැබෙන බලය

අල්ලස් කොමිෂන් සභාවට ලැබෙන බලය

2942
0

වංචනික ලෙස වත්කම් උපයමින් විදේශ රටවල තැන්පත් කරන ලද පුද්ගලයින්ගේ මුදල් නැවත අයකර ගැනීමට අවශ්‍ය සහා‍ය ලබාදීමට මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳව එක්සත් ජාතීන්ගේ කාර්යාලය එකඟතාව පළකර තිබේ.

ඒ අනුව එම මුදල් නැවත අයකර ගැනීමට අදාළ කටයුතු ඉදිරි දින කිහිපය තුළ ආරම්භ කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳව එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ දකුණු ආසියානු කලාපීය නියෝජිත මාර්කෝ ටෙයික්සෙයිරා මහතා සහ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අතර පැවති විශේෂ සාකච්ඡාවකදී අදාළ එකඟතාවයට පැමිණ තිබේ.

එවැනි ආකාරයෙන් මුදල් උපයා විදේශ රටවල තැන්පත් කරන ලද පුද්ගලයින්ගේ මුදල් නැවත අය කර ගැනීම සම්බන්ධයෙන් ලෝක බැංකුව වෙනුවෙන් මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳව එක්සත් ජාතීන්ගේ කාර්යාලය කටයුතු කරනු ලබයි.

නව දුෂණ විරෝධි පනත එළඹෙන 15 වෙනි දින සිට බලාත්මක වීමත් සමග එවැනි පුද්ගලයින් පිළිබඳව කටයුතු කිරීමේ හැකියාව නව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට ද ලැබෙන බව විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා පැවසුවේය.

 

Previous articleවසර 16 පසු තොරතුරු තාක්ෂණ ඔලිම්පියාඩ් තරඟාවලියෙන් ශ්‍රී ලංකාවට පදක්කමක්
Next articleපාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here