Home අද පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි

පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි

2915
0

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටින බව අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කර තිබේ.

මීට වසර හතරකට පෙර සිදුවු පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකරගැනීමට තමන් එවකට විපක්ෂයේ සිටියදීද ආණ්ඩුවට එක්වීමෙන් පසුව ද පෙනි සිටි බවද  එම නිවේදනයේ සඳහන් කර ඇත.

ආණ්ඩුවට එක්වීමෙන් පසුව මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවද නැවත වරක් එය එලෙස ඉල්ලා සිටින බවද අමාත්‍යවරුන් සිය නිවේදනය මගින් සඳහන් කර තිබේ.

පාස්කු ප්‍රහාරයේ චුදිතයින් සියල්ල නීතියේ රැහැනට හසුකර දඩුවම් පැමිණවීම සිදුකළ යුතු බව ඔවුන් සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

බ්‍රිතාන්‍යයේ චැනල් 04 නාළිකාව මගින් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රචාරය කළ වීඩියෝවෙන් පසුව මේ සම්බන්ධයෙන් යළිත් දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. අමාත්‍යවරුන් නිකුත් කළ නිවේදනය පහතින්,

 

No description available.

No description available.

Previous articleඅල්ලස් කොමිෂන් සභාවට ලැබෙන බලය
Next articleදේශිය ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ක්‍රියාවලිය මේ සතිය තුළ අවසන් කළ යුතුයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here