Home අද කුරුන්දි විහාරයේ ගැටලුව ජන්ද ගුණ්ඩුවක් – ඉන්දීය...

කුරුන්දි විහාරයේ ගැටලුව ජන්ද ගුණ්ඩුවක් – ඉන්දීය බුද්ධි අංශ උපුටා දක්වමින් නලින්ද කියයි

2518
0

මේදිනවල දැවැන්ත ආගමික ප්‍රශ්නයක් ලෙස මාධ්‍ය මගින් හුවා දැක්වීමට උත්සහකරන කුරුන්දි විහාර ප්‍රශ්නය  ඡන්ද ගුණ්ඩුවන් බව ජාතික ජනබල වේගයේ සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරතිබෙනවා.

2019 ජනාධිපතිවරණයට පෙර පාස්කු ප්‍රහාරය සිදුකර ජාතිවාදී ප්‍රශ්නයක් ඇති කළ ආකාරයෙන්ම 2024 දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහාද ජාතිවාදී ප්‍රශ්නයක් ඇතිකරමින් ඡන්ද ලබාගැනීමට ඔවුන් උත්සහ කරන බවද ජයතිස්ස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු නලින්ද ජයතිස්ස මහතා,

“ජනාධිපතිවරණයට කලින්  ජාතිවාදී ගැටුමක් නිර්මාණය කරලා ප්‍රශ්නයක් ඇතිකරගන්න අවශ්‍යයයි. උතුරු නැගෙනහිර තියෙන පුරාවස්තු සහ පුරාවිද්‍යා ස්ථාන ඒ සඳහා වර්තමානයේ භාවිතා කරනවා. කුරුන්දි කියන්නේ නිකම්ම නිකම් ප්‍රශ්නයක් නෙවෙයි ඒක පිටිපස්සේ දේශපාලන උවමනාවක් තියෙනවා. චන්න ජයසුමන නිකම් සල්ලි වියදම්කරලා කුරුන්දිය වෙනුවෙන් පොත් ගහන්නේ නැහැ . 2019 ජනාධිපතිවරණයට කළින් තිබුණු ආතතිකමය තත්වය නිර්මාණය කරන්න යම් පිරිසක් කටයුතු කරනවා කියලා ඉන්දිය බුද්ධි අංශ වාර්තාකරන්නේ ඒ නිසා තමයි. මොකද මේ ආර්ථික ප්‍රශ්නය උඩට ගන්න ගන්න එයාලට මේකට මුහුණු දෙන්න බැහැ. ආර්ථික ප්‍රශ්නයේ මුල ජනතාව තේරුම්අරගෙන ඉන්නවා. ඒකට දඩුවම් දෙන්න ජනතාව බලාගෙන ඉද්දි ඒක අමතකරවන්න ඔවුන් බලය වෙනුවෙන් ජාතිවාදිය අවුස්සන්න හදනවා.”  යැයි පැවසීය.

Previous articleනිවසේ කාමරයක් සංචාරකයන්ට ලබාදී ඩොලර් සියයක් උපයන්න සූදානම් වෙන්න
Next articleදැන් අපිට තියෙන්නේ නාමල්ට රට භාරදෙන්න – කුට්ටිආරච්චි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here