Home අද දැන් අපිට තියෙන්නේ නාමල්ට රට භාරදෙන්න – කුට්ටිආරච්චි

දැන් අපිට තියෙන්නේ නාමල්ට රට භාරදෙන්න – කුට්ටිආරච්චි

2304
0

නාමල් රාජපක්ෂ මහතා මීලඟට රටේ නායකයාවීමට සුදුසුකම් ඇතිබවත් පොදුජන පෙරමුණේ මීලඟ ජනාධිපති අපේක්ෂකවරයා වන්නේ ඔහු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පොදුජනපෙරමුණේ මැදකොළඹ පැවති ජනහමුවේදී පැවසීය.

නාමල් යනු මහින්දගේ පුතා බව අමතක නොකරන ලෙසද ජනතාවගෙන් ඉල්ලු හෙතෙම මෙසේද පැවසීය,

නාමල් රාජපක්ෂ සාටකේ දාලා එද්දි අපිට මතක්වෙන්නේ ගැමි සුවද. ඒතමයි නියම පුත්‍රයෝ. අපිට ඒක හදවතට වදිනවා. අද රටම කතාකරන තාරුණ්‍යයේ හඳවතට කතාකරන මේ රටේ අනාගත පැතුම. කවුරු මොනවා කිව්වාත් ඊලඟ ජනාධිපති පත්කරන්නේ පොහොට්ටුව.තාත්තා කරගෙන ආපු වැඩපිළිවෙල කරගෙන යන්න පුළුවන් . ජනාධිපතිවරුන්ගේ පුතාලා බබලා විදිහට කටයුතු කරගෙන යන වෙලාවේ සමස්ත රටම කියවන්න පුළුවන් ඔනවෙලාවක මේරට භාරදිය හැකි අනාගත බලාපොරොත්තුව නාමල්. අමතක කරන්න එපා”.

 

Previous articleකුරුන්දි විහාරයේ ගැටලුව ජන්ද ගුණ්ඩුවක් – ඉන්දීය බුද්ධි අංශ උපුටා දක්වමින් නලින්ද කියයි
Next articleශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ගත් ණයෙන් ඩොලර් මිලියන 50 ක් ආපසු ගෙවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here