Home අද ඉන්දියාව එක්ක හැප්පෙන්න ඔනේ කියන අය අංගොඩ යවන්න

ඉන්දියාව එක්ක හැප්පෙන්න ඔනේ කියන අය අංගොඩ යවන්න

4132
0

රට රටවල් අතර විදෙස් සම්බන්ධතා පවත්වාගැනීම නූතන මනසකින් කළ යුතු කාර්යක් බව හිටපු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසනවා. රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේබව පවසා තිබෙනවා.

මේවනවිට ලෝකයේ විශාලතම ආර්ථිකයක් හිමි ඉන්දියාව සමඟ ලංකාව යහපත් ආකාරයේ සම්බන්ධතාවයක් පවත්වාගත යුතු බවත් එයට විරුද්ධවන්නෝ අංගොඩ මානසික රෝහලට යැවිය යුතු බවත් හෙතෙම පවසනවා. දෙරණ රූපවාහිනියේ පැවති මෙම වැඩසටහනට සහභාගීවෙමින් අමුණුගම මහතා මෙසේද පැවසීය,

“ලංකාවට හොඳ ඉතිහාසයක් තිබෙනවා. අපි කිසිම රටක් එක්ක හැප්පෙන්න ගිහින් නැහැ. සමහර මිනිස්සු කණ්ඩායමක් ඉන්දියාව එක්ක හැප්පෙන්න ඔනේ කියලා මේ කියන්න හඳහනවා. මමනම් කියන්නේ එයාලව අංගොඩට යවන්න ඔනේ. ඉන්දියාවේ වර්ධනය දිහා බැලුවිට අද ලෝකේ විශාලම ආර්ථික දේශපාලන බලකදවුරක්. මේ නිසා අපේ විදේශ ප්‍රතිපත්තිය කල්පනාකාරීව කළ යුතු වැඩක්. ගජබාහු ගිහින් සොලී රට ආක්‍රමණය කළා කිය කියා මේ වැඩේ කරන්න බැහැ” යැයිද හෙතෙම පැවසීය.

Previous article සංචාරකයන් මිලියන 05ක් මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම්
Next articleචතුරංගගේ මත විමසුමෙන් රනිල් දිනුම් අනුර පරාදයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here