Home අද කෙහෙළියගේ විශ්වාසභංගයට ජනපති දින තුනක් දෙයි

කෙහෙළියගේ විශ්වාසභංගයට ජනපති දින තුනක් දෙයි

2665
0

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා දින 03ක කාලයක් වෙන් කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා.

ඒ අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්

ඒ අනුව හෙට අනිද්දා සහ සෙනසුරාදා දිනයන් මේ සඳහා වෙන් කරන්නට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කියා සිටියා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූයේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ විශ්වාසභංග යෝජනාව සඳහා දින තුනක්වත් විවාදයට අවශ්‍ය බවත් එය උඩින් පල්ලෙන් කිරීමට සූදානම් නැති බවත් ය.

ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මෙලෙස දින 03ක කාලයක් ඒ සඳහා ලබාදීමට සුදානම් බව කියා සිටියා.

සබැඳි පුවත්

Previous articleජාතියේ වර්ධනයට ගැළපෙන අයුරින් 13 ක්‍රියාත්මක කිරීම වැදගත් – ජනපති පාර්ලිමේන්තුවට කියයි
Next articleදුප්පත්කම සඳහටම පවත්වාගෙන යාම රජයේ අරමුණ නෙවෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here