Home අද දුප්පත්කම සඳහටම පවත්වාගෙන යාම රජයේ අරමුණ නෙවෙයි

දුප්පත්කම සඳහටම පවත්වාගෙන යාම රජයේ අරමුණ නෙවෙයි

2617
0

සමෘද්ධි ව්‍යාපාරය ආරම්භකර ඇත්තේ සහන දෙමින් දිගින් දිගටම පවත්වාගෙන යාමට නොවන බව සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල් මහතා  අද(09දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. වාචික පිළිතුරු ලබාදීමේ අවස්ථාවේදී ඉෂාක් රහුමාන් මහතා යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුයේ දුප්පත්කම නැතිකිරීම මිස දුප්පත්කම සඳහටම පවත්වාගෙන යාම රජයේ අරමුණ නොවන බවයි.

මෙහිදී වැඩිදුරයත් අදහස් දැක්වු අමාත්‍යවරයා  “ආර්ථික අපහසුතා ඇති අය සවිබල ගන්වලා සමාජගත කිරීමේ නිසි ක්‍රමවේදයක් තිබුණේ නැහැ. මේ නිසා තමයි අස්වැසුම මගින් නිශ්චිත ක්‍රමවේදයක් හදුන්වා දුන්නේ. සමෘද්ධිය පිහිටුවුයේ මිනිස්සුන්ට මුදල් ගෙව ගෙව හැමදාම තියගෙන ඉන්න නෙවෙයි. සමෘද්ධිය පටන්ගත්තේ ජනතාවගේ මුදල්වලින්. සමෘද්ධිය පටන්ගත්තේ ගිණිපොලීකාරයන්ගෙන් ජනතාව මුදවා ගන්න. ඒවගේම දුප්පත්කම නැතිකිරීම මිස දුප්පත්කම සඳහටම පවත්වාගෙන යන්න නෙවෙයි සමෘද්ධිය පටන්ගත්තේ. දැන් දුප්පත්කම අඩුකරලා තියෙනවා. දුප්පත්කම නැතිකිරීමේ මෙහෙයුම තමයි අපි මේ ක්‍රියාත්මක කරන්න හදන්නේ.” යැයි පැවසීය.

Previous articleකෙහෙළියගේ විශ්වාසභංගයට ජනපති දින තුනක් දෙයි
Next articleප්‍රියාන් මැණික් ශකිලා හපුආරච්චිට අයුතු යෝජනාවක් කරලා?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here