Site icon Newshub

දුප්පත්කම සඳහටම පවත්වාගෙන යාම රජයේ අරමුණ නෙවෙයි

සමෘද්ධි ව්‍යාපාරය ආරම්භකර ඇත්තේ සහන දෙමින් දිගින් දිගටම පවත්වාගෙන යාමට නොවන බව සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල් මහතා  අද(09දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. වාචික පිළිතුරු ලබාදීමේ අවස්ථාවේදී ඉෂාක් රහුමාන් මහතා යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුයේ දුප්පත්කම නැතිකිරීම මිස දුප්පත්කම සඳහටම පවත්වාගෙන යාම රජයේ අරමුණ නොවන බවයි.

මෙහිදී වැඩිදුරයත් අදහස් දැක්වු අමාත්‍යවරයා  “ආර්ථික අපහසුතා ඇති අය සවිබල ගන්වලා සමාජගත කිරීමේ නිසි ක්‍රමවේදයක් තිබුණේ නැහැ. මේ නිසා තමයි අස්වැසුම මගින් නිශ්චිත ක්‍රමවේදයක් හදුන්වා දුන්නේ. සමෘද්ධිය පිහිටුවුයේ මිනිස්සුන්ට මුදල් ගෙව ගෙව හැමදාම තියගෙන ඉන්න නෙවෙයි. සමෘද්ධිය පටන්ගත්තේ ජනතාවගේ මුදල්වලින්. සමෘද්ධිය පටන්ගත්තේ ගිණිපොලීකාරයන්ගෙන් ජනතාව මුදවා ගන්න. ඒවගේම දුප්පත්කම නැතිකිරීම මිස දුප්පත්කම සඳහටම පවත්වාගෙන යන්න නෙවෙයි සමෘද්ධිය පටන්ගත්තේ. දැන් දුප්පත්කම අඩුකරලා තියෙනවා. දුප්පත්කම නැතිකිරීමේ මෙහෙයුම තමයි අපි මේ ක්‍රියාත්මක කරන්න හදන්නේ.” යැයි පැවසීය.

Exit mobile version