Home අද සෞඛ්‍ය ක්ෂේත්‍රයට ජනපතිගෙන් නියෝගයක්

සෞඛ්‍ය ක්ෂේත්‍රයට ජනපතිගෙන් නියෝගයක්

2275
0

දැනට පවතින ඖෂධ වර්ග සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට දැනුම්දී තිබෙනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති ගැටලු සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව දැනුම්දී තිබේ.

තවද ජනතාවට අවශ්‍ය ඖෂධ වර්ග ප්‍රමාදයකින් තොරව සැපයීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ යුතු බව ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.

මේ අතර දැනට රෝහල්වල ඇති ඖෂධ වර්ගවල තොග සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිවල තොරතුරු යාවත්කාලීන කෙරෙන වැඩපිළිවෙලක් සකස් කරන ලෙසද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

මේ අතර එමගින් රෝහල් අතර ඖෂධ හුවමාරු කරගැනීමට අවස්ථාව ලැබෙන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

Previous articleරාජ්‍ය සේවකයින්ට විශේෂ නිවේදනයක්
Next articleබදු ගෙවන අය රටට සම්පතක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here