Home අද ජාතික ජනබලවේගය නිල වශයෙන් සැහැල්ලු දුම්රිය සේවය එපා කියයි

ජාතික ජනබලවේගය නිල වශයෙන් සැහැල්ලු දුම්රිය සේවය එපා කියයි

1016
0

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ජාතික අපරාධයක් බවත් මෙය සිදුකළහොත් ජනතාවට ප්‍රතිලාභ නොලැබෙන බවද ජාතික ජනබලවේගය ප්‍රකාශ කළේය.

එහි සමාජික වසන්ත සමරසිංහ මහතා දෙරණ වාදපිටිය වැඩසටහන සහභාගී වෙමින් මේබව සඳහන් කළේය.

මෙම ව්‍යාපෘතිය ජාතික අපරාධයක් බවත් මේ සම්බන්ධයෙන් කිසිදු සොයාබැලීමක් සිදුකර නොමැති බවය. මෙය පෙට්ටි දෙකක් පමණක් ඇති එක් පැත්තකට පමණක් ගමන් කරන බවද එය කිසිදු ප්‍රයෝජනයක් නොවන ව්‍යාපෘතියක් බවද හෙතෙම පැවසීය.

බත්තරමුල්ලේ සිට කිලෝමීටර 15 ක් දිගින් යුතුව ඉදිකිරීමට යන මෙම ව්‍යාපෘතිය කිසිසේත්ම ප්‍රයෝජනයක් නොමැති බවත් කොළඹට පිවිසීමට ඇති මාර්ග 06 නිසි ලෙස සංවර්ධනය කිරීමට කිසිදු සැලැස්මක් නොමැති බවත් ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 2000 ක් වැයකිරීම අපරාධයක් බවද හෙතෙම පැවසීය.

ජනාධිපතිවරයාගේ ජපන් සංචාරයෙන් පසුව ජපාන රජය විසින් අනුග්‍රහය දක්වන යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යලි සක්‍රීය කිරීමට අදාළ වැඩපිළිවෙලක් සකස් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

 

මේ සම්බන්ධයෙන් වසන්ත සමරසිංහ මහතා සිදුකළ ප්‍රකාශය පහතින් –

 

දර්ශන අනුග්‍රාහය – දෙරණ

 

Previous articleකුරාණය ගිනිතැබීම ආගම් ඇඳහීමට ඇති නිදහස උල්ලංඝනය කිරීමක්
Next articleඅත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කෙරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here