Home අද කටුනායකට පසුව දියුණු කරන්න තිබුණේ පලාලි ගුවන් තොටුපොළ

කටුනායකට පසුව දියුණු කරන්න තිබුණේ පලාලි ගුවන් තොටුපොළ

15231
0

‍කටුනායක ගුවන්තොටුපොළට පසුව දියුණුකළ යුතුව තිබුණේ පලාලි ගුවන්තොටුපළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා අද(07දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

කටුනායටත් වඩා පලාලා ගුවන්තොටුපොළ මගින් ලෝකය සමඟ වැඩි වශයෙන් සම්බන්ධ විය හැකි යැයි තමා විශ්වාස කරන බවද හෙතෙම කීවේය.

පලාලි ගුවන්තොටුපල උතුරේ පිහිටා තිබීම , ද්‍රවිඩ ජනතාව සිටීම ආදි ලෙස බොරු මනස්ගාත වලින් නොසිට මෙය පලාලි ගුවන්තොටුපල සංවර්ධනය කිරීම කළ යුතු බවත් එය වඩාත් වේගවත් කළ යුතු බවද මන්ත්‍රීවරයා කීවේය.

කටුනායක සිට මහා මාර්ග හරහා  ත්‍රිකුණාමලයට , යාපනයට පැය 06 වැඩි කාලයක් ගතවන බවත් පලාලි ගුවන්තොටුපල සංවර්ධනය වී තිබුණේනම් එය ඊටවඩා අඩුකාලයකින් සිදුකළ හැකි බවද අරුන්දික මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

සංචාරක කර්මානත්යේ සහ රටතුළ ආයෝජන වැඩිකිරිම වෙනුවෙන් රටතුළ අභ්‍යන්තර ගුවන් සේවා වැඩිකිරීම සහ සංවර්ධනය කිරීම අනිවාර්යෙන් සිදුකළ යුතු බවද හෙතෙම පැවසීය.

 

 

Previous articleහකීම් රිශාඩ් වලියක්
Next articleඩොලරය පරදවමින් නව මුදල් ඒකකයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here