Home අද මුතුරාජා වගේ තායි රාජා නැවත ගෙන ගියොත් නඩු දානවා

මුතුරාජා වගේ තායි රාජා නැවත ගෙන ගියොත් නඩු දානවා

596
0

සියම් රජතුමා දළදා මාලිගාවට පූජා කළ තායි රාජා හස්තියා නැවත තායිලන්තයට ගෙන යාමට උත්සාහ කළහොත් ඇතාගේ නඩත්තුවට ගිය වියදම ඉල්ලා තමන් නඩු පවරන බව හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජේරත්න මහතා පවසනවා.

ඒ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේ දුන් තෑග්ගක් නැවත ඉල්ලීම සදාචාරාත්මක නොවන බවයි .

තායි රාජා හස්තියා ලංකාවට ගෙනැවිත් අවුරුදු 37ක් වන බවත් මේ දක්වා ඇතා සුවයෙන් පසුවන නමුත් ඇතා ගැන වැරදි තොරතුරු එන්ජීඕ නඩ විසින් තායිලන්තයට සපයන බවට දැනගන්නට ඇතැයි ද දියවඩන නිළමේ වරයා පවසයි .

ශ්‍රී දළදා මාලිගාවට ඇත් පැටවකු පූජා කරන ලෙසරට භූමිපෝල් මහ රජතුමාගෙන් මල්වහතු හා අස්ගිරි මහනාහිමිවරුන් ගේඅනුදැනුම ඇතිව තමන්ඉල්ලීමක් කළ බවත් ඒ අනුව එරට රජතුමා ඇතුළු රජ පවුලේ සාමාජිකයන් විසින් 1986 වසරේදි තායි රාජා හස්තියා දළදා මාලිගාවට පූජා කළ බවත් ඇත් පැටවා ඇමෙරිකාවේ යුධ ගුවන් යානාවකින් රැගෙන ආ බවත් හිටපු දියවඩන නිලමේවරයා පවසයි.

ඒ සඳහා එවකට ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ විශේෂ අවසරය හිමි වූ බවත් ඇමෙරිකානු යුද ගුවන් යානාවක් ලංකාවට ඒම සම්බන්ධයෙන් ඒ කාලයේ විශාල කලබලයක් ඇති වූ බව ද නිලමේවරයා පවසයි .

ඇත් පැටවා ගෙන ආ දින සිට පසු වෛද්‍ය විජිත කුරුවිට, මහාචාර්ය නෙවිල් සිල්වා සහ වෛද්‍ය අශෝක දංගොල්ල යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ හැදුන වැඩුන බවත් තායි රාජා ට කිසිම හිරිහැරයක් නොවන බවත් පවසන හිටපු දියවඩන නිලමේවරයා මුතු රාජා හස්තියාගේ ප්‍රශ්නය මත තායිලන්තයෙන් දුන් ඉතුරු ඇතුන් දෙදෙනා ද ආපසු ගෙන්වා ගන්නා ලෙස එන්ජීඕ සංවිධාන හඬ නගමින් සිටින බව ද පවසයි.

මුතු රාජා හස්තියා දළදා මාලිගාවට පූජා කිරීමට මුලින් තීරණය කොට තිබුණත් එවකට සිටි ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය එය වෙනස් කොට අලුත්ගම කන්දේ විහාරයට ඇතා දුන් බව ද නිලමේවරයා පවසයි .

මුතු රාජා හස්තියා රැගෙන ගිය ආකාරයට තායි රාජා ගෙන යායාමට උත්සාහ කළහොත් ඊට ඉඩ දිය යුතු නොමැති බවත් ඒ සඳහා ගෙන ආ දා සිට මේ දක්වා විශාල මුදලක් ඇතා වෙනුවෙන් වියදම් කර තිබෙන බවත් හිටපු දියවඩන නිලමේවරයාගේ කාලයේ සිට මේ දක්වාඑම මුදල දරා තිබෙන බැවින් හස්තියා ගෙන යාමට උත්සහ කළහොත් එම නඩත්තු මුදල් ඉල්ලා අනිවාර්යෙන්ම නඩු පවරන බවද හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න මහතාගේ නිවේදනයේ සඳහන් වේ.

Previous articleවිපක්ෂනායකට කතානායකගෙන් අවවාදයක්
Next articleඊලොන් මස්ක්ගේ ට්විටර් එක්ක හැප්පෙන්න සකර්බර්ග් ත්‍රෙඩ්ස් එවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here