Home අද විපක්ෂනායකට කතානායකගෙන් අවවාදයක්

විපක්ෂනායකට කතානායකගෙන් අවවාදයක්

568
0

පාර්ලිමේන්තුවේ විශේෂ තනතුරක් දරන විපක්ෂ නායක වැනි අයෙක් පාර්ලිමේන්තුවේ කාරක සභාවලට සභාවලට යෑම සුදුසු නැහැ. ඒ අනුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සඳහා විපක්ෂ නායකවරයා සහභාගීවීම සුදුසු නොවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා  අද(05දා) පාර්ලිමේන්තුව ආරම්භයේදීම අවධාරණය කළේය.

කතානායක, නියෝජ්‍ය කතානායක , ආණ්ඩුපක්ෂයේ සංවිධායක , විපක්ෂ නායක වැනි පාර්ලිමේන්තුවේ විශේෂ  තනතුරු දරන පුද්ගලයින් මෙලෙස කාරක සභාවලට යෑම සුදුසු නොවන බවද හෙතෙම පැවසීය.

ඔනේම නිලධාරියෙක් විපක්ෂ නායකවරයාගේ කාර්යාලයට කැදවා තොරතුරු ලබාගැනීමට ප්‍රශ්න කිරීමට විපක්ෂ නායකවරයාට අවස්ථාවක් තිබෙන බවද  මුදල් කාරක සභාවට විපක්ෂ නායකවරයා සහභාගී වි අනවශ්‍ය ලෙස නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම සුදුසු ක්‍රියාවක් නොවන බවද මෙහිදී කතානායකවරයා පැවසීය.

එහිදී අදහස් දැක්වු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුයේ එසේනම් තමාගේ සභාපතීත්වයෙන් කමිටුවක් ස්ථාපනය කර නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භකරන බවය. එයට බාධා නොකරන ලෙසද කතානායකවරයාගෙන් හෙතෙම ඉල්ලා සිටියේය. තමා ප්‍රශ්න කරන කමිටුවට නොපැමිණෙන නිලධාරීන් වරප්‍රසාද කඩකිරීමක් ලෙස සලකන ලෙසද සජිත් ප්‍රේමදාස මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

Previous articleජුනි මස ලංකාවට පැමිණි සංචාරක පිරිස ලක්ෂය ඉක්මවයි
Next articleමුතුරාජා වගේ තායි රාජා නැවත ගෙන ගියොත් නඩු දානවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here