Home අද ඊලොන් මස්ක්ගේ ට්විටර් එක්ක හැප්පෙන්න සකර්බර්ග් ත්‍රෙඩ්ස් එවයි

ඊලොන් මස්ක්ගේ ට්විටර් එක්ක හැප්පෙන්න සකර්බර්ග් ත්‍රෙඩ්ස් එවයි

40704
0

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ හිමිකාරත්වය දරන මෙටා (Meta) සමාගම ට්විටර් (Twitter) සමාජ මාධ්‍ය ජාලය සමග තරගකාරී යෙදවුමක් (App) ලෙස ත්‍රෙඩ්ස් (Threads) නම් යෙදවුම මෙම බ්‍රහස්පතින්දා (ජූලි 6) එළිදැක්වීමට යයි.

මෙකී Threads app එක ඇපල් ඇප් ස්ටෝර් හරහා කලින් ඇණවුම් කර ලබාගත හැකි අතර එය ඉන්ස්ටග්‍රෑම් සමග ද සම්බන්ධ කරනු ඇත.

මෙම Thread ඒනන එක Twitter ලාංඡනයට සමාන ස්වරූපයක් දක්වන අතර මෙය සටහන් මගින් සංවාද කිරීමට හැකි ඇප් එකක් බව මෙටා සමාගම කියයි.

Thread ඇප් එක හඳුන්වා දීම මෙටා සමාගමේ ප්‍රධානී මාක් සකර්බර්ග් සහ ට්විටර් හිමි ඊලොන් මස්ක් අතර ඇතිවී ඇති එදිරිවාදිකමේ නවතම මුහුණුවර බව ක්ෂේත්රයේ නිරත වූවන්ගේ අදහස යි

Previous articleමුතුරාජා වගේ තායි රාජා නැවත ගෙන ගියොත් නඩු දානවා
Next articleවිදුලි පාරිභෝගිකයන්ට 55 %ක විදුලි මිල සහනයක් – විදුලිබල ඇමති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here