Home අද ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ විවාදයට දෙදිනක්

ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ විවාදයට දෙදිනක්

628
0

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පාර්ලිමේන්තු විවාදය සඳහා අවශ්‍ය නම් දින දෙකක් වුව ද ලබාදීමට හැකියාව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබෙනවා

ජනාධිපතිවරයා මේ බව අමතය මණ්ඩලයට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ට අදාළ යෝජනාව විවාදයට ගැනීම සඳහා පාර්ලිමේන්තුව ලබන 1 වැනි දා රැස්වීමට නියමිතව ඇති අතර ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම්දී ඇත්තේ අවශ්‍ය නම් දෙදිනක් වුවද විවාදය පැවැත්වීමට අවස්ථාව දිය හැකි බවයි.

විවාදයෙන් අනතුරුව අදාළ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම හදිසි පාර්ලිමේන්තු රැස්වීම හේතුවෙන් මෙම සතියේ කොළඹ රැඳී සිටින ලෙස ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.

Previous articleගුවනේ ප්‍රමාදයෙන් කොරියාවට යාමට නොහැකි වූ පිරිසට යළි රැකියා
Next articleවරාය නගරයට චීනයෙන් තවත් ආයෝජනයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here