Home අද සනත් නිශාන්ත මහත්තයාට වැඩ වරදීද?

සනත් නිශාන්ත මහත්තයාට වැඩ වරදීද?

692
0

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල ජුලි 13 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.

මෙම පැමිණිල්ල අද (27) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී වගඋත්තරකාර සනත් නිශාන්ත අමාත්‍යවරයා අධිකරණයේ පෙනී සිටියේය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවට අදාළ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරන සීඩී පට පරික්ෂා කිරීමට අදාළ වන සාක්ෂි විශේෂ විධිවිධාන පනත යටතේ වූ නොතීසිය මේ වනවිට අධිකරණය හමුවේ ගොනුකර ඇති බවය.

ඒ අනුව අදාළ පෙත්සම් ජුලි 13 වනදා කැඳවන ලෙසත් එම නොතීසිය වගඋත්තරකාර පාර්ශවයට ලැබී තිබේදැයි එදින දැනුම්දෙන ලෙසත් අධිකරණය නියම කළේය.

ඉකුත් වසරේ අගෝස්තු මස 23 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සනත් නිශාන්ත අරගලකරුවන්ට ඇප ලබාදීමේදී මහෙස්ත්‍රාත්වරු කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබුණි.

එම ප්‍රකාශය තුළින් ඒ මහතා අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා කරමින් නීතිඥවරුන් වන ප්‍රියලාල් සිරිසේන, විජිත කුමාර සහ ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය විසින් පෙත්සම් තුනක් ඉදිරිපත් කර තිබේ.

Previous articleණය ප්‍රතිව්‍යුගතකරණය කර සාර්ථක වු රටවල් බොහොමයක් තිබෙනවා
Next articlePORT CITYයට චීනයෙන් එන දැවැන්ත ආයෝජනය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here