Home අද ණය ප්‍රතිව්‍යුගතකරණය කර සාර්ථක වු රටවල් බොහොමයක් තිබෙනවා

ණය ප්‍රතිව්‍යුගතකරණය කර සාර්ථක වු රටවල් බොහොමයක් තිබෙනවා

802
0

ණය ප්‍රතිව්‍යුගතකරණය කර සාර්ථක වු රටවල් බොහොමයක් ලෝකයේ තිබෙන බවත් මේ නිසා අනියත බියක් ඇතිකරගත යුතු නැති බවත් කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික ඒකකයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි . රූපවාහිනි සංවාද සාකච්ඡාවකට සහභාවෙමින් මහාචාර්යවරයා මේබව ප්‍රකාශ කළේය.ආජන්ටිනාව , චීලි , බ්‍රසීලය , මෙක්සිකෝව වැනි රටවල මේදේ සිදුකරන ඇති බවද හෙතෙම පෙන්වාදෙයි.

“ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නේ පළවෙනි  වතාවට නෙවෙයි. ලෝකයේ රටවල් බොහොමයක් සාර්ථකව කරලා තියෙනවා.මේ නිසා ඔනෑතරම් අවබෝධයක් තිබෙනවා මේ දේවල් කරන්නේ කොහොමද කියලා. අනවශ්‍ය බියක් ඇතිකරන්න අවශ්‍ය නැහැ. ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වැරදිමත පතුරණ පිරිසක් ඉන්නවා. රජයේ භාණ්ඩාගාරබිල්පත් අරගෙන තිබෙන ඉහළ ධනවත් පුද්ගලයින් මේ සම්බන්ධයෙන් වැරදි මත පතුරවනවා මොකද මෙතැනදී ඔවුන්ට පාඩුවක්‌ වේවි කියන බය නිසා.  ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නේ නැතිනම් අපි තිබෙන ණය සියල්ල ගෙවිය යුතුයි. එතැනදී ණය ගෙවන්නනම් තවදුරටත් බදු වැඩිකරන්න වෙනවා. බදු වැඩිකරනවට ජනතාව කැමතිද? මේ නිසා ණය ප්‍රතිව්‍යුහගතකරනවාද නැතිනම් වැඩිපුර බදුගෙවනවාද කියලා අපි තීරණයක් ගත යුතුයි.” යැයි පැවසීය.

 

Previous articleආර්ථිකය ගැන ලංකාව සහ ලෝක බැංකුව අතර එකඟතාවයක්
Next articleසනත් නිශාන්ත මහත්තයාට වැඩ වරදීද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here