Home අද PORT CITYයට චීනයෙන් එන දැවැන්ත ආයෝජනය

PORT CITYයට චීනයෙන් එන දැවැන්ත ආයෝජනය

710
0

කොළඹ වරාය නගරය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ක ආයෝජනයක් කිරීමට සූදානම් බව චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් සමාගම දැනුම් දී තිබෙනවා.

එහි සභාපතිවරයා මෙම දැනුම්දීම කර ඇත්තේ මේ වන විට චීනයේ සංචාරයක නිරතවන විදේශ අමාත්‍ය අලි සබ්රි හමු වූ අවස්ථාවේදීයි.

මේ අතර සංවර්ධන ප්‍රතිපත්ති මූල්‍යකරණ වැඩසටහන යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 500 කට සමාන විශේෂ ගැණුම් හිමිකම හෙවත් එස්.ඩී.ආර් පහසුකමක් මෙරටට ලබාදීමට ලෝක බැංකුව එකඟතාවය පළකර තිබෙනවා.

වාරික දෙකකින් පිරිනමනු ලබන එම පහසුකම ලබාගැනීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය සමඟ ගිවිසුමකට එළැඹීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියේ.

Previous articleසනත් නිශාන්ත මහත්තයාට වැඩ වරදීද?
Next articleජනතා තැන්පතු වලට අත තියන්න කාටවත් බෑ – අකිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here