Home අද ජනතා තැන්පතු වලට අත තියන්න කාටවත් බෑ – අකිල

ජනතා තැන්පතු වලට අත තියන්න කාටවත් බෑ – අකිල

695
0

ජනතාවගේ තැන්පතු වලට අත තියන්න කිසිවකුටවත් හැකියාවක් නැතැයි ජනාධිපති උපදේශක එක්සත් ජාතික පක්ෂ උප නායක අකිල විරාජ් කාරියවසම් පවසනවා.

මහබැංකු අධිපතිවරයා පැහැදිලිව ඒ ගැන ප්‍රකාශ කර තිබෙන බව කී කාරියවසම් මහතා කිසිවකුත් ඒ ගැන කලබල විය යුතු නැති බවද සඳහන් කරනවා

බැංකු නිවාඩු ලබාදීම සම්බන්ධව අනවශ්‍ය මතවාදයක් රටෙි ගොඩනැගී තිබෙන බවද අකිල විරාජ් කාරියවසම් මහතා කීය.

ජනතාවට සහනයක් දීම සඳහා සකස් කරන ලද අස්වැසුම වැනි වැඩසටහන් දේශපාලන න්‍යාය පත්‍ර වලට ඇතුලත් කර ගන්නේ නැතිව කටයුතු කළ යුතු බව කී කාරියවසම් මහතා සෑම දෙයක්ම ඉතාම සාධාරණව බෙදී යා යුතු බව සඳහන් කළේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අකිල විරාජ් කාරියවසම් මහතා මේ කියා සිටියා.

Previous articlePORT CITYයට චීනයෙන් එන දැවැන්ත ආයෝජනය
Next articleදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා අද රාත්‍රියේ ලැබෙනවා – ජනපති

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here