Home අද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා අද රාත්‍රියේ ලැබෙනවා – ජනපති

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා අද රාත්‍රියේ ලැබෙනවා – ජනපති

717
0

වසර පහක කාලයක් තුළ ඩොලර් බිලියන 41.5ක මුළු විදේශ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 17ක් ප්‍රතිව්‍යුහගත කිරීමට රජය අපේක්ෂා කරන බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමද ඒ අනුව සිදුකළ යුතු බවත් මීට සුළු මොහොතකට පෙර ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්‍ෂණය යටතේ පවතින රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ඇතුළු රටේ බැංකු පද්ධතියේ ස්ථායිතාවට කිසිදු බලපෑමක් සිදු නොවන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සහතික විය

එමෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් බැංකු පද්ධතියේ තැන්පතුවලට හෝ දැනට බැංකු තැන්පතු සඳහා ගෙවන කිසිඳු පොලියකට බලපෑමක් ඇති නොවන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

“දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා අද රාත්‍රියේ අපට ලැබීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් අපි හෙට දිනයේදී කැබිනට් මණ්ඩලයේදී සාකච්ජා කරනවා. ඉන් පසුව පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයින්, වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුලු පාර්ශව දැනුවත් කරනවා. සිකුරාදා දිනයේදී අප මෙම යෝජනා පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට යොමුකරනවා. ඉන් අනතුරුව සති අන්තයේදී සියලු පක්ෂවල සහය ඇතිව මෙම යෝජනාවලිය සම්මත කරගැනීමට බලාපොරොත්තු වෙනවා.

බොහෝ අය උත්සාහ කරනවා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වැරදි මත සමාජගත කරන්න. නමුත් මෙම ක්‍රියාවලිය හරහා කිසිසේත්ම බැංකු තැන්පතු වල මුදලට හෝ පොලියට බලපෑමක් වන්නේ නෑ… සේවක අර්ථසාධක අරමුදල වැනි විශ්‍රාම අරමුදල් සඳහා කිසිදු හානියක් වෙන්නෙත් නැහැ.”

Previous articleජනතා තැන්පතු වලට අත තියන්න කාටවත් බෑ – අකිල
Next articleහදිසි පාර්ලිමේන්තු රැස්වීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here