Home අද වරාය අඩපණ කිරීමේ අපරාධය

වරාය අඩපණ කිරීමේ අපරාධය

558
0

වරාය අඩපන කළත් OT වෙලාවටම අරගන්නා වරාය සේවකයෝ

 

“අසාධාරණ බදු ප්‍රතිපත්ති” වෙනස් කළ යුතු බව කියමින් වැඩ වර්ජනයට සහය දී සිටින වරාය සේවකයින් මේවනවිට අකුරට වැඩ කිරීම ආරම්භකර තිබේ.  වරාය සේවකයින්ගේ අකුරට වැඩකිරීමේ විශේෂත්වයක් ඇති අතර  එහිදී ඔවුන්ට නියමිත රාජකාරිය පවා ඉටු නොකර සෙමින් වැඩකරන තත්වයට වරාය සේවකයින් මේවනවිට අනුගත වී ඇති අතර මේ හේතුවෙන් රාජකාරී වේලාවන් තුළ කිරීමට ඇති වැඩ පවා කල්දමා තිබේ. වරාය තුළ සාමානයෙන් කන්ටේනර් 40 ක හැසරවීමේ ධාරිතාවක් පවත්වාගෙන යන අතර මේවනවිට එම ධාරිතාව 07 දක්වා අඩුකිරීමට වරාය සේවකියන් කටයුතු කර තිබේ.

එසේ උවද වරාය සේවකයින්ගේ අතිකාල (OT) ලබාගැනීම් සාමාන්‍ය පරිදි සිදුකරන අතර ඔවුන් අතිකාල පැය 300 වැඩකළ බව දන්වමින් අතිකාල දීමනා ලබාගෙන ඇත. මෙම අතිකාල දීමනා වෙනුවෙන් වැඩකර ඇති පැය ගණන සලකා බැලීමේදී ඔවුගේ පෞද්ගලික ජීවතය වෙනුවෙන් දිනකට ඉතිරිව ඇත්තේ පැය 02 වඩා අඩු කාලයක් බවද අනාවරණය වී ඇත.

මෙපමණ පැය ගණනක් අතිකාල දීමනා ලබාගත්තද වරායේ නියමිත වැඩ අවසන් කිරීමට වරාය සේවකයින් කටයුතු කර නොමැත.

එමෙන්ම  වරායේ රජය යටතේ තිබෙන ජැටි වල පමණක් මෙම තත්වය උද්ගතවී ඇති අතර පෞද්ගලික අංශය විසින් මෙහෙයවන SAGT සහ CICT ජැටි ඉතා කාර්යක්ෂමව පවත්වාගෙන යයි. ඒවායේ කන්ටේන්ර් හැසිරීමේ ධාරිතාවය 40 වඩා වැඩි අගයක් ගනියි. වරාය සේවකයින්ගේ මෙම හැසරීම තුළ මේවනවිට නැව් කිහිපයක් වරාය ආසන්නයේ නවතා තැබීමට සිදුව තිබේ. මෙම නැව් සඳහා අතිරේක ප්‍රමාද ගාස්තු ගෙවීමට ද සිදුව ඇත.

වරාය යනු රටේ ආර්ථික මර්මස්ථානයක් වන අතර එය රටට ‌ඩොලර් උපයා දෙන ප්‍රධාන ස්ථානයක් වන බැවින් එහි වටිනාකම තවත් වැඩිවේ. රට ආර්ථික වශයෙන් පහළ වැටී සිටින අවස්ථාවක රටේ ‌ඩොලර් උත්පාදනය වැඩිකරගැනීමට වරාය හරහා සපයන සේවා අතිශයින්ම වැදගත්වේ. වරයා සේවකයින් පසුගිය දා කළ වර්ජනය හේතුවෙන් නැව් 17 ක් ආපසු හරවා යැවීමට සිදුවු අතර නැව් කිහිපයක් සඳහා අතිරේක ප්‍රමාද ගාස්තු ගෙවීමටද සිදුවිය. මේ සියල්ල මගින් සිදුවන්නේ රටේ ඩොලර් ආදායම පහළ බැස රට තව තවත් ආර්ථික වශයෙන් පහළට යාම පමණී. මේ තත්වය තවදුරටත් උග්‍ර උවහොත් එය රටට දරාගැනීමට නොහැකි තත්වයකට පත්වනු ඇත . වාර්ෂිකව රුපියල් බිලියන 15 ක් පමණ ලාබ උපයන වරායේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක්කේ එබැවිනි. ආණ්ඩු සමග ඇති තරහට රටේ ආර්ථික මර්මස්ථාන විනාශ කිරීම ජනතාවද අනුමත නොකරනු ඇත.

Previous articleබදු වලට විරුද්ධ වෘත්තිකයෝ මිලියන ගණන් බදු සහන අරගෙන
Next articleමේ වගේ මොහොතක ජනප්‍රිය තීන්දු ගත්තොත් රටේ අර්බුදය දෙගුණ තෙගුණ වෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here