Home අද බදු වලට විරුද්ධ වෘත්තිකයෝ මිලියන ගණන් බදු සහන අරගෙන

බදු වලට විරුද්ධ වෘත්තිකයෝ මිලියන ගණන් බදු සහන අරගෙන

724
0

රටේ සියලුම වෘත්තිකයින්  මිලියන 05 වැඩි බදු සහන ගෙන ලබාගෙන තිබෙනවා බවත් එසේ සිදුකර සුළු ප්‍රමාණයක බද්ධක් ගෙවීමට විරුද්ධ වීම අනුමත කළ නොමැකි බවත් මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය තිෂාන් ජයසිංහ මහතා පවසනවා.

අසාධාරණ බදු ප්‍රතිපත්තියක් බව පවසමින් වෘත්තියන් සිදුකරන වැඩ වර්ජන සහ උද්ගෝෂණ සම්බන්දයෙන් අදහස් දක්වමින් මහාචාර්යවරයා මේබව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු මහාචාර්යවරයා,

මේවනවිට රටේ විශාල කැලබීමක් ති‌යෙනවා. මේ කැලබීම පටන්ගත්තේ  2022 අවුරුද්දෙ මුල සිටන් . රුපියල අවප්‍රමාණවීම සහ උද්දමනය වැඩිවීම නිසා මේ කැලබීම ඇතිවුණා. මේ සමගම රටතුළ විශාල අසහනයක් ඇති වුනා.

ලක්ෂයට වැඩියෙන් වැටුප් ගන්න හැමෝම 2015 වගේ කාලෙ ඉදන් ආදායම් බදු ගෙවන්න යටත් වුණා. ඒ කාලෙ තිබුණේ ලක්ෂයේ සිට එක්ලක්ෂ හතලිස්දාහ විතර වෙනකම් 4% කුත් එක්ලක්ෂ අසු දාහවෙනම් 8%  ත් දෙලක්ෂ විසිදාහස වෙනකම් 12% කුත් බදු අයකළා. 2020 ජනවාරි මාසයේ බදු ප්‍රතිපත්තිය ලිහිල්කළ නිසා මේඅය බද්දෙන් අයින් වුනා. 2019 වර්ෂයේදී රුපියල් ලක්ෂ 02 ක් වැටුප් ගත්තු කෙනෙක් මාසයට 5000 ක පමණ බද්ධක් ගෙව්වා. 2020 සිට 2022 අග වෙනකම් මේ අය බදු ගෙව්වෙ නැහැ. 2023 ජනවාරි මාසයේ ඉදලා මේ අය රුපියල් 10500 බද්ධක් ගෙවන්න වෙලා තියෙනවා.

රජයේ රැකියා කරන අය අතරින් මේ කොටසට වෛද්‍යවරු ඉංජිනේරුවරුන් ආදී වෘත්තියකින් ඇතුළත් වෙනවා. මේ අය 2019 වන විට රුපියල් 5000 ක් පමණ බදු ගෙවපු අය. මේවනවිට ඔවුන්ට රුපියල් 10000 ක් පමණ බදු ගෙවන්න වෙලා තියෙනවා. එතකොට මේ වැඩිවුණ රුපියල් 4000 වගේ මුදල නිසාද මේ වෛද්‍යවරුන් අද බදු වලට විරුද්ධව වැඩ වර්ජනය කරන්නේ කියලා අපි අහන්න ඔනේ. 36% ක බදු අයකිරීමක් ගැන ඇතැම් අය කතාවෙනවා. ඒක අදාළ වෙන්නේ ලක්ෂ 04 ට වඩා වැටුප් ගන්න අයට. රජයේ සේවයේ නියතු අයගෙන් බොහොම සුළු පිරිසකට තමා මේක අදාළ වෙන්නේ. රුපියල් ලක්ෂ 02 පමණ වැටුප් ගන්න කෙනෙක් රුපියල් 10 000 ක් බදුගෙවනවානම් එයා ගෙවලා තියෙන්නේ 05% ක බද්ධක්. ඉස්සර මේඅය 3% විතර බදු ගෙව්වා. මේ වගේ සුළු ගාණනින් බදු වැඩිවීම වැඩවර්ජනය කරලා විරෝධය දක්වන්න හේතුවක්ද කියලා අපි අහන්න කැමතියි.  මේ කතාකරන අය අපේ රටේ සම්පත් ඉහළින්ම භුක්ති විදපු අය. උසස් අධ්‍යාපනය ලබනකම්ම රටේ නිදහස් අධ්‍යාපනය ලබාගත් අය මේවිදිහට හැසිරෙන එක හරිද. 2019 පසුව බදු ප්‍රතිපත්ති ලිහිල් කරපු නිසා රට කඩාවැටෙන්න යනවා කියලා හැමෝම දැක්කා. මේ නිසා බදු ගෙවන්නේ නැතිව රටක් ගෙනියන්න බැහැ. බදු ගෙවන රටවල් වලට විරයි ලෝකෙ පිළිගැනීමක් තියෙන්නේ. විරෝධය දක්වන හැමෝම බදු ගෙවන්න විරුද්ධ නැහැ කියලා කියනවානෙ. එහෙමනම් ඒ අය විරුද්ධ මොකටද කියලා ඒඅයවත් දන්නේ නැහැ. අසාධාරණ බදු ප්‍රතිපත්තිය කියලා කෑගහන කවුරුත් මෙකේ අසාධාරණය මොකක්ද කියලා කියලා නැහැ.  අපි අසාධාරණයි කියලා කෑගැහුවට හරියට ගණනය කරලා බලපුවාම ඇත්ත මොකද්ද කියලා තේරෙනවා. මිලියනක විතර වැටුප් ලබන කෙනෙක්ට රුපියල් ලක්ෂ 02 බදු ගෙවීම් වැරද්දක් කියන්න බැහැ.  ලංකාවේ ලක්ෂ 02 වගේ වැටුපක් ගන්න ඔස්ට්‍රෙිලියාවේ  කෙනෙක් ජීවත් වෙන්න 18% විතර බද්ධත් ගෙවනවා. ලංකාවේ එහෙම කෙනෙක්ට 5% ක බද්ධක් ගෙවන්න තියෙන්නේ. ඇමරිකාව එංගලන්තය ඔස්ට්‍රේලියාව වගේ රටවල වැටුප් වැඩියි වගේම බදුත් වැඩියි. නෝර්වේ වගේ රටක 50% ක් බදු ගන්නවා.  කොවිඩ් වලින් පස්සෙ ඇතිවුන ආර්ථික තත්වය එක්ක හැම රටකම බදු වැඩිවෙලා තියෙන්නේ. ඒ නිසා අපේ රටින් ගියා කියලා ජීවත්වෙන්න ලේසි වෙන්නේ නැහැ. මොකද ඒ රටවල ඉන්න අයටත් ප්‍රශ්න තියෙනවා. ඉතින් අලුතින් යන අයට ප්‍රශ්න වැඩිවෙලා තියෙනවා.

අපේ රටේ වෘත්තිකයින්ට විශාල වශයෙන් බදුසහන දීලා තියෙනවා. මේක බොහොදෙනෙක් කියන්නේ නැති කතාවක් . තීරුබදු රහිතව වාහන ගෙන්වන්න බලප්‍රතයක් බොහෝ අයට දීලා තියෙනවා. 2017 වගේ කාලයේදී එය මිලියන 3.6 ක බහු සහනයන් . ඒවිදිහට බිලියන 5 ක 6 ක බදුසහන ලබාගත්තු අය මේ විදිහට බදු ගෙවන්න විරුද්ධවෙන එක කොයිතරම් සාධාරණද කියලා බලන්න ඔනේ. මේ නිසා අපෙන් ලබාදෙන්න පුළුවන් දායකත්වය මාතෘභුමියට ලබාදෙන්න අපි කටයුතු කළ යුතුයි. යැයි හෙතෙම වැඩිදුරත් පැවසීය.

මහාචාර්යවරයා අදහස් දක්වන වීඩියෝව පහළින්

https://www.facebook.com/www.newshub.lk/videos/708741631048342

 

 

 

 

Previous articleඋපයන විට බදු ගෙවන්නේ රාජ්‍ය සේවයේ 10% යි – වෛද්‍යවරු චැනල් සේවා වර්ජනය කරලා නෑ
Next articleවරාය අඩපණ කිරීමේ අපරාධය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here