Home අද බිත්තරේ කතන්දරේ…

බිත්තරේ කතන්දරේ…

6365
0

වෙළඳ පොළේ විශාල ලෙස මිල වැඩිවී ඇති බිත්තර මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට ඊයේ (02) රැස්වු කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.

බිත්තර සඳහා වෙළඳ පොළේ ඇති වී තත්වය පහදා දී ඇති වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා බිත්තර මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට අවසර ඉල්ලා ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව ඒ සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.

දුප්පත් දරුවන්ගේ පෝෂණ තත්වය ගැන සිතා අසීමිත ලෙස මිල ඉහළ ගොස් ඇති බිත්තර ආනයනය කරමින් හෝ දෙමව්පියන්ට දරාගත හැකි මිලකට බිත්තර වෙළඳපොලට නිකුත් කරනවාද?
එසේත් නොමැතිනම් මේ අර්බුදයෙන් අයුතු ලාභ උපයන බිත්තර වෙළෙන්දන්ව ආරක්ෂා කරමින් තවදුරටත් බිත්තර මිල ඉහළ අගයක පවත්වාගෙන යාමට ඉඩ ලබදෙනවා ද? යන්න පිළිබඳව අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට බිත්තර ආනයනය සඳහා අනුමැතිය ලබාදීමට තීරණය කිරීම යහපත් තත්වයක් බව පෙනී යනවා.

රට පුරාම ආහාර අර්බුධයක් පවතින අවස්ථාවක රටේ දරුවන්ට සහ ගැබිණි මව්වරුන්ට ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරාගත හැකි පහසුම හා ලාභදායීම ආකාරය බිත්තර වන නිසා බිත්තර වෙළෙන්දො අමානුෂික ලෙස බිත්තර මිල ඉහළ දමමින් සිටින අවස්ථාවක මෙම තීරණය ගැනීම ඉතාම යහපත් ජනතාවාදී තීරණයක් බව බොහොමයක් දෙනා සඳහන් කරනවා.

මෙලෙස බිත්තර ආනයනය සඳහා කැබිනට් අනුමැතිය ලැබීමෙන් අනතුරුව පවතින බිත්තර මිල සම්බන්ධ ගැටලුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත හැකි බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය සඳහන් කර තිබීම සාධනීය පියවරක් ලෙස දැකිය හැකියි.

පසුගිය දින කිහිපයකදී පමණක් ලොරි රථ මඟින් රුපියල් 55ක මිලකට බිත්තර බෙදා හැරීමට කටයුතු කර තිබුනත් මේ වනවිට බිත්තර මිල රුපියල 60ක අගයකට ගොස් තිබෙනවා. එවන් තත්වයකදී බිත්තර ආනයනය සඳහා රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කිරීමෙන් අනතුරුව මෙලෙස මිල සම්බන්ධයෙන් පවතින ගැටළු සාකච්ඡා මඟින් විසදා ගැනීමට සුදානම් බව පැවසීම මඟින් පෙනී යන්නේ බිත්තර වෙළෙඳුන් මෙලෙස මිල වැඩිකර තිබෙන්නේ අයුතු ලැබ ලැබීමට බව නොවන්නේද යන්න ගැටළු සහගතයි.

එමඟින් ඇතිවන ආණ්ඩු විරෝධය ඇතැම් දේශපාලන පක්ෂ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට බැරකිරිම තුළින් මේ පිටුපස අදිසි දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන්නේද යන්නත් සැක හිත බව දේශපාලන විචාරකයින් සඳහන් කරනවා.

මෙලෙස බිත්තර ආනයන කිරීමට රජය පියවර ගන්නේ නම් ඒ හරහා බිත්තර නිෂ්පාදකයින් අධෛර්යමත් වන බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය සඳහන් කරනවා.

නමුත් දිගින් දිගටම ඉහළ දමමින් බිත්තර මිල පාලනය කිරීම සඳහා ගැසට්ටුවක් නිකුත් කිරීමෙන් අනතුරුව බිත්තර හිඟයක් ඇති කිරීමට කටයුතු කළ ඇතැම් වෙළෙඳුන් එම ගැසට්ටුව තාවකාලිකව අත්හිටුවීමට අභියාචනාධිකරණය නියම කිරීමෙන් පසු වෙළෙඳපොළේ බිත්තරයක මිලෙහි කැපීපෙනෙන ඉහළයාමක් දක්නට ලැබුණි.

ඒ අනුව අද වන විට බිත්තරයක් අලෙවි කෙරෙන්නේ රුපියල් 60ක අවම මිලක් යටතේය.

ලොරි රථ මගින් බිත්තර ගෙනැවිත් රුපියල් 55 බැගින් අලෙවි කරන වැඩපිළිවෙළක් බිත්තර නිෂ්පාදකයන්ගේ සංගම් ආරම්භ කළත් එය අද දිනයේත් ක්‍රියාත්මකවනු දක්නට නොලැබුණි.

එවන් තත්වයක් තුළ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක පවා රටේ ජනතාවට අවම මිලක් යටතේ බිත්තර ලබාදීමට රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා ප්‍රමුඛ කැබිනෙට්ටුව ගත් මෙම තීරණය බිත්තර වෙළෙඳුන්ගේ මාෆියාවට දරුණු පහරක් මෙන්ම රටේ දරුවන්ගේ පෝෂණ තත්වයට සාධනීය තත්වයක් සකසනු ඇත.

Previous articleහිටපු බ්‍රිතාන්‍ය අගමැති ජනපතිව හමුවෙයි
Next articleමැතිවරණයට වියදම් කළොත් රට තවත් අර්බුදයකට?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here