Home අද මැතිවරණයට වියදම් කළොත් රට තවත් අර්බුදයකට?

මැතිවරණයට වියදම් කළොත් රට තවත් අර්බුදයකට?

564
0

ආර්ථික අවපාතයක පසුවන ශ්‍රී ලංකාව මෙවනවිට ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් ආරම්භකිරිමේ අවස්ථාවක සිටින අතර ඒසේ නොකළහොත් රට තවදුරටත් අවධානමකට ලක්වන බව සියලුදෙනා මේවනවිට අවබෝධකරගෙන තිබේ. එවන් අවස්ථාවක මැතිවරණ පැවැත්වීම සඳහා මුදල් වැය කිරීම ආර්ථික අර්බුදය තවත් උග්‍රකරවීමට හේතුවක් විය හැකිය.

මේ සම්බන්ධයෙන් ඊයේ(02දා) දිනයේදී විශ්‍රාමික කර්නල්වරයකු වන ඩබ්ලිව් ආර් එම් විජේසුන්ර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිරකණයට රිට් පෙත්සමක් යොමුකර ඇති අතර අධික මුදල් වැය කරමින් පළාත් පාලන ඡන්දයක් පැවැත්වීමෙන් ආර්ථික අර්බුදය තවත් උග්‍රවන බව සඳහන් කර තිබේ.

මේ මොහොතේ අවශ්‍ය පළාත් පාලන ඡන්දයක් ද?

මේවනවිට විපක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ බොහොමයක් සඳහන් කරන්නේ පළාත් පාලන ඡන්දය ඉක්මණින් පවත්වන ලෙසයි. නමුත් පවතින ආර්ථික අර්බුදය තුළ පළාත් පාලන ඡන්දයක් පැවැත්වීමෙන් රටට හෝ ජනතාවට සිදුවන යහපත කුමක්දැයි මේ කිසිදු පක්ෂයක් සඳහන් කරන්නේ නැත.

පාර්ලිමේන්තු මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයකින් රටේ පාලන බලය වෙනස් වන අතර ඒසේනම් ඉල්ලිය යුතුව ඇත්තේ ඒවැනි මැතිවරණයකි. නමුත් එම මැතිවරණ දෙකම පැවැත්වීමට තවත් බොහෝ කාලයක් තිබේ.

රට පවත්වාගෙන යාමට බැරි මට්ටමක සිටින අවස්ථාවක මෙවැනි නිශ්ඵල මැතිවරණයක් පැවැත්වීමට සම්බන්ධයෙන් යලිත් වරක් සිතිය යුතු වන්නේ ඒනිසාය.

බිලියන 10 කට වඩා වැඩි මුදලක්

මේ අවස්ථාවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රුපියල් බිලියන 10  ට වැඩි මුදලක් වියදම් වන බව ගණන් බලා ඇති අතර එසේ උවද මහා භාණ්ඩාගාරය තුළ එතරම් මුදල් ප්‍රමාණයක් නොමැති වීම හේතුවෙන් මුදල් අච්චු ගැසීමට සිදුවේ.

එකවර එවන් මුදල් ප්‍රමාණයක් අච්චුගැසීම හේතුවෙන් රට තුළ උද්දමනය තවදුරටත් වැඩිවිය හැකි අතර එවිට රට යළිත් අර්බුදයකට ගමන් කරයි.

තවත් මහජන නියෝජිතයෝ 8000 ක්

වත්මන් පළාත් පාලන අණපනත් යටතේ දිවයිනේ පලාත් පාලන ආයතන සියල්ල සඳහාම මහජන නියෝජිතයින් 8711 ක් පත්කර ගත යුතුව ඇත. එලෙස ඔවුන් පත්කර ගැනීමේන් පසුව ඔවුන්ට වැටුප් , ඉන්ධන , දීමනා, ආදීය ලබාදිය යුතුය. ඒමෙන්ම පළාත් පාලන ආයතන ආරම්භකළ විට ඒ්වායෙන් විවිධ ව්‍යාපෘති කළ යුතු වේ. මේ කිසිවක් සඳහා මුදල් නොමැති කාලයකි. එසේනම් වැඩ නොකර පුටු රත්කරමින් සිටීමට තවත් මහජන නියෝජිතයෝ අවශ්‍යද?

උද්දමනය අහස උසට

රටතුළ පෝලිම් යුගය නිමාවී තිබුණද ආර්ථීක අර්බුදය තවමත් උඩුදුවමින් පවතී. මෙවන් යුගයක දරුවන්ට පාසල් යාමට පොත්පත් ලබාදීමට නොහැකි තත්වයක් සේම ආහාර ලබාදීමට නොහැකි තත්වයක්ද රටතුළ උද්ගතවී තිබේ. එවන් අවස්ථාවක මහජන බදු මුදල් අර්ථවත්ව යෙදවීම සිදුකළ යුතුව ඇති අතර මහජන මුදල් කාබාසිනියා කරන ක්‍රියා සිදුකිරීමෙන් වන්නේ උද්දමනය තවත් ඉහළ යාම පමණකි.

ඒමෙන්ම මේ දින කිහිපය තීරණාත්මක දින කිහියක් වන්නේ IMF සංවිධානය විසින් ශ්‍රීලංකාව ණය ගෙවීමේ සුදානම නිරීක්ෂණය කරමින් සිටින කාලවකවානුවක් වීම හේතුවෙනි.

ඒවන් අවස්ථාවක මුදල් අනවශ්‍ය ලෙස වියදම් කරමින් රජයේ වියදම තවත් වැඩිකරගැනීමෙන් සිදුවන්නේ ලැබීමට ආසන්නව පවතින IMF ණය මුදල ද නොලැබී යාම පමණකි.

ඒලෙස ගත්කළ මෙම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් රටට හෝ ජනතාවට සිදුවන සෙතක් නොමැත.

 

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නිවැරදි කාලය මෙය නොවන බවට හේතු මෙන්න

 

  1. මැතිවරණය පැවැත්වීමට අවමය රුපියල් බිලියන 10 ක මුදලක් අවශ්‍ය වේ. නමුත් එවැනි මුදල් ප්‍රමාණයක් භාණ්ඩාගාරයේ නැත

  2. මැතිවරණ පැවැත්වීම සඳහා මුදල් ලබා ගත යුත්තේ ලැබෙන ආදායම හෝ ණය මගින් මුදල් ලබා ගැනීම මත බව මැතිවරණ කොමිෂන් සභාව පැහැදිලිවම ප්‍රකාශ කර ඇත. ඒ සඳහා මුදල් අච්චු ගැසීමට මහ බැංකුවට සිදුවන බැවින් එමගින් රටේ උද්ධමන තවත් ඉහළ යයි

  3. පළාත් පාලන මැතිවරණ පවත්වා සාමාජිකයන් තෝරා පත් කර ගත්තද ඔවුන්ට කිසිදු ව්‍යාපෘතියක් කිරීමට මුදල් නැත.

  4. මැතිවරණයෙන් තේරීපත්වන මන්ත්‍රීවරුන්ගේ දීමනා සහ වියදම් සඳහා රජයට විශාල මුදලක් වැය කිරීමට සිදුවනු ඇත. ඒ්වා ලබාදීමට යළිත් බදු සංශෝධනක් සිදුකළ යුතුවේ

  5. සාමාන්‍ය ජනතාවට අමතර බරක් පටවා මැතිවරණ පැවැත්වීම සඳහා දරන වියදම රටේ සිදුවන ආර්ථික ප්‍රතිසංස්කරණවලට යළි ආපසු හැරවීමක් ය

  6. ආර්ථික අර්බුදයෙන් මිදීමට IMF ණය ලබාගැනීමට, ණය ආපසු ගෙවීමේ හැකියාව රජය පෙන්වීමේ ක්‍රියාවලියක යෙදී සිටින  අවස්ථාවක  පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බිලියන 10ක් වැය කිරීම IMF වෙතින් ඉල්ලා සිටින මූල්‍ය ආධාර නොලැබීමට හේතුවන් වීමට පුළුවන

 

මේ සම්බන්ධයෙන් පළවු මාධ්‍ය වාර්තාවක් පහතින්

https://www.facebook.com/dinakaranews/videos/1508674886328966

 

 

 

Previous articleබිත්තරේ කතන්දරේ…
Next articleජනපති අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here