Home Uncategorized බින් ලාඩන් මියගියත් තවමත් ජීවත්වන ඉන්දියාවේ මස් වෙළෙන්දා

බින් ලාඩන් මියගියත් තවමත් ජීවත්වන ඉන්දියාවේ මස් වෙළෙන්දා

656
0

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට එරෙහිව පකිස්ථාන විදේශ අමාත්‍ය බිලාවල් භූතෝ සර්දාරි සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් භාරතීය ජනතා පක්ෂයේ පාක්ෂිකයින් ප්‍රමුඛ ඉන්දියානු වැසියන් රටපුරා විරෝධතා අරඹා තිබෙනවා.

ඔසාමා බින් ලාඩන් මියගිය නමුත් ගුජරාටයේ මස් වෙළෙන්දා තවමත් ජීවත් වන බවත් ඔහු ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා බවත් පාකිස්තාන විදේශ අමාත්‍යවරයා ඉකුත් සෙනසුරාදා (17) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට සමගාමීව පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.

“අද ලෝකය ඔවුන්ව දකින්නේ ත්‍රස්තවාදයේ කේන්ද්‍රස්ථානය ලෙසයි,” ඉස්ලාමාබාද්ට එරෙහිව ඉන්දියාවේ ස්ථාවරය තහවුරු කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර්” කියා සිටියා.

එමෙන්ම 2008 දී මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය සහ 2001 සැප්තැම්බර් මාසයේදී ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය (WTO) එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ඒවා පාකිස්තානයේ අනුග්‍රහය ඇති ත්‍රස්ත ප්‍රහාර ලෙසයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර්ගේ මෙම ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් පකිස්ථාන විදේශ අමාත්‍ය බිලාවල් භූතෝ සර්දාරි ඉකුත් 17 වැනි සෙනසුරාදා ඉන්දියාව සහ එහි අග්‍රාමාත්‍යවරයා දැඩි ලෙස විවේචනය කරමින් පාකිස්ථානයේ ජනතාවට පමණක් නොව ඔවුන් ඉන්දියාවේ වැසියන් වන මුස්ලිම් ජනතාවටද නිදහසේ ජීවත් වීමට ඉඩ ලබානොදෙන බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පකිස්ථාන විදේශ අමාත්‍යවරයා කියා සිටියේ ඉන්දියාවේ මේ වනවිට ක්‍රියාත්මක වන ඇතැම් ජාතිවාදී සංවිධාන හිට්ලර් පන්නයේ සංවිධාන බවයි.

කෙසේ වෙතත් බිලාවල් භූතෝගේ මෙම ප්‍රකාශය ඉන්දියාව පුරා සිටින ජනතාව කෝපයට පත්කර තිබෙනවා.

එය නැවත වතාවක් ඉන්දියාව සහ පකිස්ථානය අතර සීතල යුද්ධයකට පාර කපා ඇති අතර දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් ගැටුම් උත්සන්න කිරීමට හිතාමතාම දේශපාලන බලධාරීන් විසින් මෙම විරෝධතා සංවිධානය කරන බවයි.

Previous article‘ICE’ දේශපාලන Agenda එකක් ද?
Next article‘ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිළිපදින්නේ බුදුන්ගේ ධර්මය නෙමෙයි, ලෙනින්ගේ න්‍යාය’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here