Home අද ‘ICE’ දේශපාලන Agenda එකක් ද?

‘ICE’ දේශපාලන Agenda එකක් ද?

543
0

මේ දිනවල මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දිනපතාම ප්‍රධාන මාධ්‍ය නාලිකා වල මෙන්ම පුවත්පත් සහ වෙබ් අඩවි වලත් පුවත් සංසරණය වීමත් සමඟම එය මැතිවරණයක් ඉලක්ක කර ගනිමින් දියත් කර ඇති දේශපාලන න්‍යාය පත්‍රයක් බවට කසුකුසුවක් ජනතාව අතර ඇතිව තිබෙනවා.

එයට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ බොහොමයක් මැතිවරණ වලදී දේශපාලකයින් මාධ්‍ය සහයෙන් විශාල ගැටළුවක් නිර්මාණය කර එම ගැටළුව විසඳිය හැක්කේ යම්කිසි පුද්ගලයකුට බව පමණක් පෙන්වමින් ජනතාවගේ ජනමතය ඒ දෙසට යොමුකර තිබීමයි.

එයට හොඳම උදාහරණය 2019 පැවති ජනාධිපතිවරණයයි, එහිදී ජාතික ආරක්ෂාව අනතුරේ බව පෙන්වමින් වඳ සැත්කම්, වඳ කොත්තු, වඳ බ්‍රෙසියර් පෙන්වමින් විශාල මුස්ලිම් විරෝධයක් රට තුළ මතුකර ඉන් අනතුරුව එයට විසඳුමක් ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ චරිතය මාධ්‍ය විසින් දේශීය සිංහල බෞද්ධ ජනතාවගේ එකම ගැලවුම්කරු බවට පත්කිරීමට කළ උත්සාහය පෙන්විය හැක.

අදවන විට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලබාදෙන්නේ එම නිසාදෝ යන්න බවත් රට මතින් මුදන්නට ඉදිරියේදී තවත් ගැලවුම්කාරයෙක් මතුවීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන්ද ජනතාව මේ වනවිට ප්‍රශ්න කරමින් සිටී.

නමුත් සැබෑවටම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුවත් වල විශාල මාධ්‍ය ආවරණයක් ලැබෙන්නේ එය දේශපාලන න්‍යාය පත්‍රයක් නිසවෙන්මද?

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වාර්තා කර ඇති පරිදි 2022 මේ වසර තුළ දී හෙරෝයින් කිලෝ ග්රෑම් 1,425ක් , ගංජා කිලෝ ග්රෑම් 11,665ක් කොකේන් කිලෝ ග්රූම් 371ක් හෂීස් කිලෝ ග්රූම් 40ක් අයිස් (ICE) කිලෝ ග්රූම් 107ක් සහ මත්පෙත් 97,828 සහ මත් කරල් 21,023 අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස කිලෝ ගණනින් මත්ද්‍රව්‍යය හමුවීම තුළින් පෙනී යන්නේ දේශපාලන න්‍යාය පත්‍රය කුමක් වුවත් ධර්මද්වීපයක් ලෙස හැඳින්වූ ශ්‍රී ලංකාව මේවන විට මත්ද්‍රව්‍යය වලින් කප් ගසමින් සිටින දිවයිනක් බවට පත්වෙමින් සිටින බව නොවේ ද?

මත්ද්‍රව්‍ය සම්බන්ධ පුවත් වැඩි වැඩියෙන් ප්‍රචාරය වන මේ දින වල වැඩි අවධානයක් ලබාදී ඇති මත්ද්‍රව්‍යය වන්නේ අයිස් (ICE) මත්ද්‍රව්‍යයි

අයිස් යනු CRYSTEL, METH, TINA, CHRISSY, SPEED ආදී බොහෝමයක්‌ වීදි නම් රැසක්‌ ඇති CRYSTAL METH වලටය. එය ලෝක ප්‍රසිද්ධ වී ඇත්තේ ICE හා GLASS ලෙසය.

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක්‌ භාවිත කරන්නේ ICE කියාය. CRYSTAL METH යනු CRYSTAL METHAMPHETAMINE යන්නේ කෙටි නාමයයි. කැට හෝ කුඩු ලෙස ඇති. මේවා දුඹුරු, කහ දුඹුරු, තැඹිලි, නිල් හා රෝස වැනි පැහැයන්ගෙන් ලබාගත හැකි අතර ශ්‍රී ලංකාවේ වැඩ ප්‍රචලිතව ඇත්තේ කැට ලෙස නොව ICE කුඩුය.

ICE භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වුවහොත් වසර 03ක කාලයක් තුළ දැඩි ජීවිත අවධානමකට ලක්වීම අනිවාර්ය කරුණකි. නොමැරුණත් ජීවත් වන්නේ පිල්ලියක්‌ නැති නම් විදෙස් චිත්‍රපට වල අපි දකින ZOMBIE ලෙසය.

ICE භාවිතයෙන් මත් වූ ස්‌වභාවය පැය 6 සිට පැය 24 දක්‌වා පවතින අතර එහි කෙටි කාලීන විපාක ලෙස ඔක්‌කාරය, නුරුස්‌සනා බව, ආක්‍රමණශීලීත්වය, ආහාර අරුචිය, සාංකාව, ව්‍යාජ දර්ශන මැවී පෙනීම වැනි බලපෑම් ඇතිවන බව වෛද්‍යවරුන් සඳහන් කරනවා.

හෘද රෝග, පිළිකා ඇතිවීම, වකුගඩුව, අක්‌මාව වැනි විවිධ ඉන්ද්‍රියයන්ට හානි වීම හෝ අක්‍රිය වීම ICE වලට දැඩිව ඇබ්බැහිවූවෙකුට වන දීර්ඝ කාලීන විපාකය.

ලෝකයේ භයානකම මත්ද්‍රව්‍ය වන CYISTAL METH නොහොත් ICE ලංකාවෙන් හමුවන්නේ මෙරට පහළ පන්තියේ පැල්පත්, ඉහළ පන්තියේ මන්දිර වලින් පමණක් නොව හය හතර නොදත් තම ජිවිතයේ අනාගතය වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් අධ්‍යාපනය ලබාගැනීමට යන පාසල් දරුවන්ගේ පොත් බෑගයද තුළින්ද ICE හමුවීම තුලින් පෙනී යන්නේ මෙරට ICE මත්ද්‍රව්‍යය ගිල ගනිමින් සිටින බවයි.

මත්ද්‍රව්‍ය සම්බන්ධ නීති සංශේධන කිහිපයක් මේ වනවිට වත්මන් රජය විසින් මෑතකාලයේදී සිදුකළ අතර ඒ අනුව විෂ වර්ග අභිං සහ අන්තරරායකාර ඖෂධ පනත සංශෝධනය කර “අයිස්” ඇතුළු මත්ද්‍රව්‍ය 161ක් ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව අයිස්, හෙරෝයීන්, කංසා ඇතුළු මත්ද්‍රව්‍ය ග්රූම් 05 වඩා ලඟතබා ගැනීම මරණ දණ්ඩණය හිමිවන වරදක් බවටද පත්කර තිබේ.එමෙන්ම විෂ මත්ද්‍රව්‍ය ලෙස භාවිත කරන ඖෂධ සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමද රජයේ අවධානය යොමුව ඇති බව අධිකරණ අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියා.

නමුත් පුරවැසියන් ලෙස අපිට රට මත්ද්‍රව්‍ය ගිල ගැනීමට ඉඩ දී අපට නිහඬව සිටිය හැකිද?
දේශපාලන න්‍යාය පත්‍රයක් බවට පවසමින් රටේ අනාගතය මෙලෙස විනාශ වීමට ඉඩ දිය හැකිද?
පුරවැසි වගකීමෙන් අපිට බැහැර විය හැකිද?

නැත අපට කිසිසේත් එලෙස අප සතු වගකීමෙන් බැහැර විය නොහැක.

විවිධ පාර්ශ්ව වලට චෝදනා කරමින් සිටිනවාට වඩා ජනතාවක් ලෙස රට ගිල ගනිමින් සිටින මත්ද්‍රව්‍ය මර්දන සටනට අප හැම එක්විය යුතුය.

එහිදී මෙම මත්ද්‍රව්‍ ගෙන්වන, බෙදාහරින පුද්ගලයන් සම්බන්ධයෙන් හෝ එම තොරතුරු ලබාගත හැකි මත්ද්‍රව්‍යය භාවිතා කරන්නන් සම්බන්ධයෙන් අප දන්නා තොරතුරු අදාළ අංශ දැනුවත් කර යුතුය.

ඇතැම් විට අප එම තොරතුරු ලබාදෙන්නේ අපේ සමීපතමයෙක් හෝ ලඟින් ආශ්‍රය කර පුද්ගලයකු සම්බන්ධයෙන් විය හැක. නමුත් මෙම ලිපියේ පෙර සඳහන් කර ඇති පරිදි ඔබේ සමීපතමයන් නැති කර ගන්නවාට වඩා ඔවුන්ගේ ජිවිත ආරක්ෂා කර ගැනීමට මෙය හේතුවක් වීමට ඉඩ ඇත.

රජයකට, පුද්ගලයකුටපමණක් චෝදනා කරමින් සිට, පුරවැසියන් ලෙස අපි නිහඬව තොරතුරු සඟවාගෙන සිටිමින් අපේ රට සහ එහි මතුපුර විනාශ මුඛයට ඇද දමනවාට වඩා එයට විරුද්ධව පළමු අඩිය ඔබ තබමින් මත්ද්‍රව්‍යය වලින් තොර අනාගතයකට මග විවර කළ ආදර්ශමත් පුරවැසියෙක් බවට පත්වීම ඔබ සතු වගකීමක් නොවන්නේද?

Previous articleකුලියාපිටිය නගර සභාවෙන් අලුත් වැඩක් – මාර්ග ඉදිකිරීමට වෙනම ඒකකයක්
Next articleබින් ලාඩන් මියගියත් තවමත් ජීවත්වන ඉන්දියාවේ මස් වෙළෙන්දා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here