Home අද ‘ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිළිපදින්නේ බුදුන්ගේ ධර්මය නෙමෙයි, ලෙනින්ගේ න්‍යාය’

‘ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිළිපදින්නේ බුදුන්ගේ ධර්මය නෙමෙයි, ලෙනින්ගේ න්‍යාය’

669
0

“අද සරසවි වල ඉන්න ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා හරියට සහරාන්ලා වගේ. කොන්ඩෙ රැවුල වවාගෙන ඒ අය පිළිපදින්නේ ශාස්තෘන් වහන්සේගේ ධර්මය නෙමෙයි, ලෙනින්ගේ න්‍යාය තලේබාන්ලා කරන වැඩ තමයි කරන්නේ මේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට අවුරුදු තුනෙන්, හතරෙන් විශ්ව විද්‍යාලයෙන් පිටවන විදියට නීති සම්පාදනය කළ යුතුයි” යැයි මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් පැවසූහ.

උන්වහන්සේ මේ බව පැවසුවේ ඊයේ (18දා) පස්වරුවේ දී දේශීය සහ විදේශීය දානපතියන් ගෙන් සැදුම්ලත් “මෙත්සිත් සමාජ සත්කාර සේවය” මගින් මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම් ලාභී පවුල්වල දූ දරුවන් සිය දෙනෙකුට පාසල් උපකරණ බෙදා දීමේ අවස්ථාවට එක්වෙමින් අනුශාසනාවක් සිදු කරමිනි.

“මම ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කරන්න කැමති වෙනවා අපේ රටේ පොදු ප්‍රශ්න ගණනාවක් තිබෙනවා ඒ පිළිබඳව, සාමාන්‍ය පෙළ, උසස් පෙළ දෙපාරක් ලිව්වත් අසමත් වෙන ළමයින්ට වෘත්තීය පුහුණුවක් ලබා දෙන්න ඕනේ, මේ විභාග දෙකම දෙපාරක් ලිව්වහම ඇති, ඊට පස්සේ ළමයි වෘත්තීය පුහුණුවට යොදවලා රටට අවශ්‍ය කරන පුර වැසියෝ නිර්මාණය කරන්න ඕන.

ඒ වගේම සරසවි ශිෂ්‍යයෝ විශේෂවේදී, සාමාන්‍ය වේදී කියලා දෙකක් තියෙනවා. එම සිසුන් අවුරුදු 4ක්, අවුරුදු 3ක්, ඉගෙන ගෙන විශ්වවිද්‍යාලයෙන් බැහැරව යා යුතුයි. ඒවට නීති සම්පාදනය කරන්න ඕනේ.

අපේ ශිෂ්‍ය භික්ෂූන් වහණ්සේලාටත් එම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ, සහරාන් කියන පුද්ගලයා රැවුල වවාගෙන තමයි මැරුණේ, ඊට පස්සේ ගොඩක් මිනිස්සු සහරාන්ලා වගේ වෙන්න පටන් ගත්තා. රැවුල වවන්න පටන් ගත්තා. ඒ වගේම අපේ සරසවි වල ඉන්න ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා හාමුදුරුවන් වහන්සේලා කොණ්ඩ, රැවුල වවන්න පටන් ගත්තා.

අද පාලි බෞද්ධ විශ්ව විද්‍යාලය ඇතළු සරසවි වල තිබෙන කලා පීඨ වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා තලේබාන්ලා වගේ වැඩ කරන්නේ, ලෙනින්ගෙන් න්‍යායට තමයි ඒ අය වැඩ කරන්නේ බුදු හාමුදුරුවන්ගේ, ශාස්තෘන් වහන්සේ මග යන්නේ නැහැ.”

Previous articleබින් ලාඩන් මියගියත් තවමත් ජීවත්වන ඉන්දියාවේ මස් වෙළෙන්දා
Next articleඅයවැය යෝජනා පුස්සක් නොවන්නට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here