Home අද IMF සහාය ඇතිව හෝ නැතිව රට ඉදිරියට යා යුතුයි – මහ බැංකු...

IMF සහාය ඇතිව හෝ නැතිව රට ඉදිරියට යා යුතුයි – මහ බැංකු අධිපති

715
0

මූල්‍ය අරමුදලේ සහාය ඇතිව හෝ නොමැතිව රට ඉදිරියට යා යුතු බවත් නිවැරදි ප්‍රතිපත්ති රාමුවක රට ගමන් කළ යුතු බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ වාර්ෂික පර්යේෂණ සම්මන්ත්‍රණය අමතමිනි.

“පැරිස් සමාජය, චීනය හා ජපානය වැනි ද්විපාර්ශ්වීය ණය හිමියන්ගෙන් අපි මූල්‍ය සහතික ලබා ගැනීමේ කටයුතු වල නිරත වෙලා ඉන්නවා. අපි මේ ක්‍රියාදාමය නවත්වා නෑ.

අපි නිරන්තරයෙන්ම එය සම්පූර්ණ කර ගැනීමේ උත්සාහයක ඉන්නේ. මූල්‍ය සහතික ලබාගෙන ඒවා මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරලා, අපේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තියත් ඉදිරිපත් කරලා අපිට හැකිවේවි ඉතාම කෙටි කාලයකි තුළ අපේ ආර්ථිකය ස්ථාවර කරන්න.

ඒ් වගේම දිගුකාලීන ප්‍රතිසංස්කරණ හා නිවැරදි ප්‍රතිපත්ති රාමුවක් යටතේ අපිට මේ දේ කරන්න පුළුවන්. රට ස්ථාවර කිරීමේ දිශාවට ගමන් කරද්දී මූල්‍ය අරමුදලේ සහාය ඇතිව හෝ නැතිව මෙය කළ යුතුයි. රට නිවරදි ප්‍රතිපත්තියෙ ගමන් කළ යුතුයි”

Previous articleසපුගස්කන්ද යළි ඇරඹේ
Next article“අපි කරපු වැරදි ඇති. ඒවා හදාගන්න ඕනේ” – නාමල්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here