Home අද “අපි කරපු වැරදි ඇති. ඒවා හදාගන්න ඕනේ” – නාමල්

“අපි කරපු වැරදි ඇති. ඒවා හදාගන්න ඕනේ” – නාමල්

635
0

ගෝඨාභය රාජපක්ෂ රජයේ අමාත්‍යධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව මේ කාල සීමාවේදී තමන් යළි අමාත්‍යධුරයක් ලබාගැනීමට බලාපොරොත්තුවක් නොමැති බව පැහැදිළිව පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

මයි 09 වැනිදා “ගෝඨා ගෝ ගමට” පහරදීම සම්බන්ධයෙන් ඔහු ඇතුළු කිහිප දෙනෙකුට එරෙහිව පැවති නඩු කටයුත්තක් අවසානයේදී මාධ්‍යට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

එසේම පක්ෂයක් ලෙස ප්‍රතිසංවිධානය විය යුතු බවත් ඔවුන් විසින් සිදු කළ වැරදි තිබිය හැකි බවත් ඒවා නිවැරදි කර ගත යුතු බවත් මෙම අවස්ථාවේ දේශපාලන ස්ථාවරත්වයට ප්‍රමුඛතාවයදී කටයුතු කළ යුතු බවද ඔහු සඳහන් කළා.

මෙරට ආර්ථික ස්ථාවරත්වය හා ඉදිරියට යන ගමන සම්බන්ධයෙන් දීර්ඝ කතිකාවතක් ගොඩනගා ඒ තුළින් ගන්න තීන්දු තීරණ ක්‍රියාත්මක කළ යුතු බව

විදුලි බිල වැඩි කිරීමක් සිදු කරන්නේ නම් ව්‍යාපාරිකයින්ට, කර්මාන්තවලට, ආගමික සිද්ධස්ථාන හා අඩු ආදායම්ලාභීන්ට සහනයක් ලබාදිය යුතු බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ජනතාවගේ පැත්තේ සිට ස්ථාවර ආණ්ඩුවක් සාදන මාවත නිර්මාණය කළ යුතු බවත් ජනාධිපතිවරයා මෙරට ආර්ථික ස්ථාවරත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට මහන්සිවී කටයුතු කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.

Previous articleIMF සහාය ඇතිව හෝ නැතිව රට ඉදිරියට යා යුතුයි – මහ බැංකු අධිපති
Next articleපොලිය ටික ටික අඩුවෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here