Home අද පේරාදෙණිය සිසුන්ගේ පාතාල ජවනිකා

පේරාදෙණිය සිසුන්ගේ පාතාල ජවනිකා

687
0

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් හිටපු උපකුලපතිවරයාට පහර දීම හේතුවෙන් විශ්වවිද්‍යාලයේ සියලුම ආචාර්යවරුන් වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

පසුගිය දා රාත්‍රියේ විශ්වවිද්‍යාල සිසුන් 300 ක් පමණ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ නිවස වටකර උපකුලපතිවරයාට සහ ඔහුගේ පුත්‍රයාට පහර දී තිබේ. මේ හේතුවෙන් හිටපු උපකුලපතිවරයා පේරාදෙණිය රෝහලට ද ඔහුගේ පුත්‍රයා මහනුවර ජාතික රෝහලට ද ඇතුළත් කර ඇති අතර පුත්‍රයා තවදුරටත් ප්‍රතිකාර ගනිමින් සිටියි.

උපකුලපතිවරයාගේ මෝටර් රථය  හා විශ්ව විද්‍යාල සිසුවෙකුගේ යතුරුපැදියක් ගැටී අනතුරක් විම මුල්කරගෙන මෙම ගැටුම හටගෙන ඇති අතර මේ හේතුවෙන් උපකුපතිවරයා‍ගේ නිවසට විශ්ව විද්‍යාල සිසුන් දැඩි අලාබහානි සිදුකර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය පරීක්ෂණ පවත්වන අතර මේවනතුරු කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත. මේ සිද්ධිය සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය( අන්තරේ) මේවනකෙත් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත. හිටපු උපකුලපතිවරයාට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කර වැරදිකරුවන්ට දඩුවම් ලබා නොදෙන්නේනම් අඛණ්ඩ වැඩවර්ජනයකට යොමුවන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වැඩිදුරටක් සඳහන් කරයි.

Previous articleපුළුවන්නම් මාව පරද්දන්න – නාමල් අරගලකරුවන්ට අභියෝග කරයි
Next article‘ඉවසීමෙන් කටයුතු කරන්න’ – මහින්ද

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here