Home අද පුළුවන්නම් මාව පරද්දන්න – නාමල් අරගලකරුවන්ට අභියෝග කරයි

පුළුවන්නම් මාව පරද්දන්න – නාමල් අරගලකරුවන්ට අභියෝග කරයි

637
0

හම්බන්තොටට පැමිණ හැකිනම් තමන්ව පරාජය කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අරගලකරුවන්ට අභියෝග කර තිබෙනවා.

අරගල වලින් තවදුරටත් ආණ්ඩු මාරු කරනවද? මැතිවරණ වලින් වෙනස් කරනවද? යන්න අපි තීන්දු කලයුතු බව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියා.

88/89 කාල වලදී භීෂණයෙන් ආණ්ඩු මාරු කිරීමට උත්සහ කලත් එය සාර්ථක නොවන බව පවසන මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් නායකයින් එම අරගල මර්දනයෙන් තම ආණ්ඩු ආරක්ෂා කර ගැනීමට උත්සහ කල බවද කියා සිටියා.

මේ රටේ සෑම විටම ආණ්ඩු මාරු කල යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදිව මැතිවරණයකින් බවත් මැතිවරණයක් පවත්වන අවස්ථාවක ඡන්ද පොළට ගොස් ජනතාවට තමන් කැමති පක්ෂයකට හා අපේක්ෂකයෙකුට ඡන්දය භාවිතා කල හැකි බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

Previous articleසිරිසේනට එරෙහිව පාක්ෂිකයෝ විරෝධයේ
Next articleපේරාදෙණිය සිසුන්ගේ පාතාල ජවනිකා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here