කටුනායක ගුවන්තොටුපළට පැමිණෙන ගුවන් මගීන්ට එහි සිට කොළඹට පැමිණීම සඳහා නව දුම්රිය සේවය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ සඳහා කටුනායක ගුවන්තොටුපොළ හා සම්බන්ධ දුම්රිය මාර්ග අලුත්වැඩියා කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය හා වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ අතර එකඟතාවයකට පැමිණ තිබේ. ඒ අනුව අදාළ කටයුතු ඉතා ඉක්මණින් ආරම්භකරන බව රජය සඳහන් කර සිටියි.