Home අද 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 08ට එන්නම්

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 08ට එන්නම්

31936
0

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා. එහි ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 09 වන ස්ථානයයි.

ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකරගනීමත් සමඟ ශ්‍රී ලංකාව මෙලෙස 09 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර එහිදී සුපිරි හඹා යාමක් සිදුකළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04ක ජයක් හිමිකර ගැනීමට සමත්විය.

ඒ අනුව ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රසාද ලකුණු 10ත් සමඟ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 77ක් ලබාගනිමින් මෙලෙස 09 වන ස්ථානයේ රැඳී සිටිනවා.

කෙසේ වෙතත් 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සෘජුවම සුදුසුකම් ලබන කණ්ඩායම් 08 අතරට තේරී පත්විමට නම් ශ්‍රී ලංකාවට තවත් අභියෝගයක් ජයගතව යුතුව ඇත.

ඒ නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ තරග තුනම ජය ගැනීමයි.

Previous articleබදු වාර්තා ගොනු කිරීමේ කාලය දීර්ඝ කරයි
Next articleධීවරයින්ට  ලබන වසරේ සිට විදුලි මෝටර් බෝට්ටු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here