Home අද බදු වාර්තා ගොනු කිරීමේ කාලය දීර්ඝ කරයි

බදු වාර්තා ගොනු කිරීමේ කාලය දීර්ඝ කරයි

663
0

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ලිපිගොනු බාර ගන්නා පරිගණක මෘදුකාංගයේ තදබදයක් හේතුවෙන් ජනතාවට බදු තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා දඩ මුදල් අයකිරීමකින් තොරව සතියක කාලයක් ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (01) පැවසීය.

ඒ නිසා අදායම් බදු වාර්තා ගොනු කිරීම සඳහා සතියක සහන කාලයක් ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කීය.

එම කාලය තුළ කිසිදු දඩ මුදලක් අය නොකෙරෙන බව ත් අමාත්‍යවරයා කීවේය.

“ඊයේ දිනය වෙද්දි සියලු ම දෙනා තමන්ගේ ආදායම් වාර්තා ලබාදිය යුතුව තියෙනවා. මේ නොවැම්බර් 30 කියන දිනයත් එක්ක මේ මෘදුකාංගයේ තදබදයක් නිර්මාණය වෙලා තියෙනවා.

පුද්ගලික ආදායම් බද්ද, සමාගම් බද්ද, හවුල් ව්‍යාපාර බද්ද මේ ආදි බදු ෆයිල් කළ යුතුව තියෙනවා. මේක කඩාකප්පල් කිරීමක් නෙමෙයි. මේ මෘදුකාංගයේ ඇති වෙලා තියෙන තදබදය අපි හඳුනා ගෙන තියෙනවා. එයට විසඳුමක් හැටියට අපි සතියක කාලයක් ලබාදෙනවා.

ඒ සතියක කාලය තුළ රිටර්න්ස් භාර දුන්නා ම එය නොවැම්බර් මස 30 භාරදුන්නා ලෙස සලකන්න අපි අවශ්‍ය වැඩකටයුතු මුදල් අමාත්‍යංශ ලේකම්තුමා විසින් උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ කාලය තුළ කිසිදු දඩයකට යටත් කරන්නේ නෑ.”යැය පැවසීය.

Previous articleපාසල් නිවාඩුව ලැබෙන්නේ මෙහෙමයි
Next article2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 08ට එන්නම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here