Home අද අපි අධ්‍යාපනය දියුණු කරමු. මම සල්ලි හොයලා දෙන්නම් – ජනපති

අපි අධ්‍යාපනය දියුණු කරමු. මම සල්ලි හොයලා දෙන්නම් – ජනපති

700
0

වෛද්‍ය සහ ඉංජිනේරු සිසුන් ලංකාවේ මුදලින් ඉගෙන ගෙන පිට රට යාම ගැන පාර්ලිමේන්තුවේ දී එකතු වී සාකච්ඡා කොට යම් පිළිතුරක් සෙවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

වෛද්‍ය පීඨ එක ශිෂ්‍යයෙක් වෙනුවෙන් ලංකා ආණ්ඩුව ලක්ෂ හැටක් වියදම් කරන බව කී ජනාධිපතිවරයා එලෙස වියදම් කරන්නේ මෙරට සිටිමින් ලංකාවේ ජනතාවට සේවය කිරීම සඳහා බව කියා සිටියා.

පුහුණු කර විදේශ රටවලට යැවූ කණ්ඩායම් ගැන බැලූ විට ඒ රටවල් අපට දෙන ආධාර වලට වඩා අප ඒ රටවල් වලට දෙන ආධාර වැඩි බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

මොන ආණ්ඩුව තිබුනත් මේ ප්‍රශ්නය බලපාන අතර මේ ප්‍රශ්නයට පිළිතුරක් සෙවිය යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

Previous articleසංචාරක කර්මාන්තයේ විශාල පිබිදීමක්
Next articleජනාධිපති හැමදේම පාර්ලිමේන්තුවට කියනවා. කිසිවක් හංගන්නේ නෑ. – බන්දුල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here