Home අද තාමත් ලේකම් මමයි – අමරවීර

තාමත් ලේකම් මමයි – අමරවීර

614
0

තමන් තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් තනතුරේ කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා මැතිවරණ කොමිසම වෙත දැනුම්දී තිබෙනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් තනතුරේ තමන් තවදුරටත් කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර විසින් මැතිවරණ කොමිසම වෙ ලිපියක් මගින් දැනුම්දී තිබේ.

අදාල ලිපිය මගින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන් ඉවත්කොට තිලංග සුමතිපාල නැමැත්තෙක් ඒ සඳහා පත්කර ඇති බවට ජනමාධ්‍ය හරහා තමන් දැනුවත් වුවද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සෙසු පක්ෂ එම වෙනස්කිරීම පිළිබඳව දැනුවත් වී නොමැති බවයි.

එබැවින් එම කටයුත්ත ව්‍යවස්ථා විරෝධී සහ නීතිවිරෝධී කටයුත්තක් බවත් මේ හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් තනතුරේ වෙනස්වීමක් පිලිබඳ යම් දැනුම්දීමක් කොමිසම වෙත ලැබී ඇත්නම් ඒ සඳහා ක්‍රියාකිරීමෙන් වළකින ලෙසටද අමාත්‍යවරයා අදාළ ලිපියෙන් මැතිවරණ කොමිසමට දැනුම්දී තිබේ.

Previous articleසජිත් ගැන කතාවක් නිසා  පාර්ලිමේන්තුව උණුසුම් වෙයි  
Next articleමහ සයුරේ සද්දන්තයෙක් කොළඹ වරායට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here