Home අද මහ සයුරේ සද්දන්තයෙක් කොළඹ වරායට

මහ සයුරේ සද්දන්තයෙක් කොළඹ වරායට

644
0

අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවක් වන “Mein Schiff 5” මගීන් 2014 ක් සහ කාර්යමණ්ඩලය 922 ක් රැගෙන අද(29) උදෑසන 6.30 ට කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය වෙත සේන්දු වී තිබෙනවා.

මේ බව හාබර් මාස්ටර් නිර්මාල් සිල්වා මහතා තහවුරු කරනු ලැබුවා.

2016 වසරේ නිපදවා ඇති නෞකාව දිගින් මීටර 295 වන අතර මගීන් 2500 කට පහසුකම් සැපයිය හැක.

“Mein Schiff 5” නෞකාව අද රාත්‍රියේ හම්බන්තොට වරාය බලා පිටත් වන බවත් නිර්මාල් සිල්වා මහතා සඳහන් කළා.

“Mein Schiff 5” හෙට (30) හම්බන්තොට වරායෙන් නැවත වරක් ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට ගමන් ආරම්භ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

“Mein Schiff 5” අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙය වේ.

නෞකාවේ විශාලත්වය හේතුවෙන් මගී පර්යන්තයට පැමිණිය නොහැකි වීම හේතුවෙන් නැගෙනහිර බහාලුම් පර්යන්තය වෙත පැමිණෙන බව හරින් ප්‍රනාන්දු මහතා කියා සිටියා.

Previous articleතාමත් ලේකම් මමයි – අමරවීර
Next articleදිස්ත්‍රික් සංවර්ධනය ක්‍රමය යළි ගෙනඑන්න –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here