Home අද දිස්ත්‍රික් සංවර්ධනය ක්‍රමය යළි ගෙනඑන්න –

දිස්ත්‍රික් සංවර්ධනය ක්‍රමය යළි ගෙනඑන්න –

597
0

සිරිසේන යෝජනාවකට ජනපති එකඟවෙයි

දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමය යළිත් රටතුළ ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(29දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ යෝජනාවක් පිළිගන්නා බව සඳහන් කරමින් ය. පළාත් සභා ක්‍රමය වෙනුවට ශ්‍රීලංකාවට ගැලපෙන්නේ දිස්ත්‍රික් සභා ක්‍රමය බවත් කිසිදු වියදමකින් තොරව එය ක්‍රියාත්මක කළ හැකි බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයාද එය ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබු බවද පෙන්වා දුන් සිරිසේන මහතා යෝජනා කර සිටියේ නැවත වරක් දිස්ත්‍රික් සභා ක්‍රමය ඇතිකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවය.

යලි දිස්ත්‍රික් සභා ක්‍රමය ඇතිකිරීමට කටයුතු කරන්නේනම් ඊට ශ්‍රීලංකා නිදහස් පක්ෂය උපරිමයෙන් සහය දෙන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

Previous articleමහ සයුරේ සද්දන්තයෙක් කොළඹ වරායට
Next articleමහපාරේ උද්ඝෝෂණ පාලනය නොකර රටකට ඉදිරියට යන්න බෑ – දිලුම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here