Home අද සජිත් ගැන කතාවක් නිසා  පාර්ලිමේන්තුව උණුසුම් වෙයි  

සජිත් ගැන කතාවක් නිසා  පාර්ලිමේන්තුව උණුසුම් වෙයි  

596
0

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ සමයේ සිදුකළ ගණුදෙනු සම්බන්ධ ප්‍රකාශයක් හේතුවෙන් අද(29) අයවැය විවාදය උණුසුම් විය.  

පසුගිය ජනාධිපතිවරණ සමයේදී මධ්‍යම සංස්කෘතියේ මුදල් එවකට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ වියදම් සඳහා යොදාගෙන ඇති බවට විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වාර්තාවකින් පැහැදිලිව අනාවරණය වී ඇති බවත් එම වංචා දුෂණ සම්බන්ධයෙන්ද නීතිය ක්‍රියාත්මත විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් සඳහන් කළේය.

 එහිදී එයට විරුද්ධ වෙමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුයේ විපක්ෂ නායකවරයාගේ නම සඳහන් කරමින් එලෙස ප්‍රකාශ සිදුකළ නොහැකි බවත් එය ස්ථාවර නියෝගවලට පටහැනි බවත්ය. කිරිඇල්ල මහතාගේ එම ප්‍රකාශයට ආණ්ඩු පාර්ශවය දැඩි ලෙස විරුද්ධ වු අතර එහදී සභාව උණුසුම් විය.

තමා කිසිවෙකුට පුද්ගලිකව අපහාස නොකළ බවත් මඩ නොගැසු බවත් පැවසු සංජීව එදිරිමාන්න මහතා වැඩිදුරටත් පැවසුයේ විගණකාධිපති වාර්තාව පදනම්කරගෙන කතාකරන බවයි. කෙසේවෙතත් දිගින් දිගටම මධ්‍යම සංස්කෘතික අරමුදලේ මෙම වංචා දුෂණ පිළිබඳව කතාකිරීම හේතුවෙන් එයට විරෝධය පා සභාගැබෙන් සජබ මන්ත්‍රීවරුන්  ඉවත්වන බවද කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසීය

Previous articleරියදුරන්ගේ ලකුණු කැපෙන හැටි
Next articleතාමත් ලේකම් මමයි – අමරවීර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here