Home අද පිල්ලෙයාන් CID යට

පිල්ලෙයාන් CID යට

11
0

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

ඒ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට ඔහුගේ හිටපු ලේකම්වරයෙකු වන අසාද් මවුලානා නැමැත්තා කළ කරුණු දැක්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ දැනුම්දීම අනුවයි.

නොවැම්බර් 12 වන දින ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබූ අතර එදින ඔහු ලිපියක් යොමු කරමින් කියා සිටියේ මේ මස 18 සහ 25 අතර දිනයක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට හැකියාව පවතින බවයි. ඒ අනුව ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට පැමිණ තිබේ.

Previous articleසමගියේ අසමගිය වැඩිවෙයි : මද්දුම බණ්ඩාර නාමය පමණක් ගැසට් වෙයි !
Next articleඋපකුලපති ඉවත්කරන තුරු වර්ජනය කිසිසේත්ම නතර කරන්නේ නෑ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here