Home අද මහින්දානන්දටත් වැඩ වරදින ලකුණු !

මහින්දානන්දටත් වැඩ වරදින ලකුණු !

58
0

ක්‍රීඩා අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කළ කාලයේ දී ක්‍රීඩා අමාත්‍යාංශයේ මුදල් වැය කර කැරම් බෝඩ් 1000ක් සහ දාම් බෝඩ් 1000ක් මිල දී ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා කාර්යාලවලට ක්‍රීඩා උපකරණ ලබා දී ඇති බවට අදාළව මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු තිදෙනෙකුට ගොනු කර ඇති නඩුව ලබන අප්‍රේල් 23 වැනිදාට කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (20)නියෝග කළා.

ක්‍රීඩා අමාත්‍යාංශයේ රුපියල් මිලියන 39කට අධික මුදලක් අවභාවිත කළ බවට කියන සිද්ධියට අදාළ නීතිපති උපදෙස් ද එදිනට කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කොට තිබේ. එම සිද්ධිය සම්බන්ධයෙන් නඩුව අද විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නැතැයි අධිකරණයට දැනුම්දී තිබේ.

එහිදී නීතිපතිවරයාට සිහි කැඳවීමක් නිකුත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරිය නඩුව ඉදිරි දින දක්වා කල් තබන ලෙසයි නියෝග කළේය.

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම නඩුව 2015 දී පවරා ඇති අතර ජනාධිපතිවරණ සමයේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ මුදල් වැය කර කැරම් බෝඩ් දහසක් සහ දාම් බෝඩ් දහසක් මිල දී ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා කාර්යාලවලට එම උපකරණ ලබා දී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ, හිටපු සතොස සභාපති කර්මාන්ත ඇමති නලින් රුවන්ජීව ප්‍රනාන්දු, චමින්ද හර්ෂජිත් යන අයට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය චෝදනා ගොනු කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර ඉදිරි නඩු දිනයේ දී ප්‍රගතිය වාර්තා කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කරන ලදි.

Previous articleලෝක ශූර රෆායල් නඩාල් ක්‍රීඩා දිවියෙන් සමුගනී
Next articleසිලින්ඩරේ ඉතිරි මන්ත්‍රී ධුරය කංචනට දෙන්න – රනිල්ට ලිපියකින්ම ඉල්ලීමක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here