Home අද සමගියේ අසමගිය වැඩිවෙයි : මද්දුම බණ්ඩාර නාමය පමණක් ගැසට් වෙයි !

සමගියේ අසමගිය වැඩිවෙයි : මද්දුම බණ්ඩාර නාමය පමණක් ගැසට් වෙයි !

134
0

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර පත්කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සන්ධානයේ අභ්‍යන්තරයේ ඇති අර්බුදය තවදුරටත් ඔඩුදුවන තත්ත්වයක් මතුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

සමගි ජන බලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ගේ නම පමණක් ජාතික මැතිවරණ කොමිසම වෙත යැවීමට කටයුතු කිරීම සහ එය මැතිවරණ කොමිසම විසින් ගැසට් කිරීමත් සමඟ මේ තත්ත්වය උද්ගතව තිබේ.

වැඩිදුරටත් එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට නොවැම්බර් 14 වනදා පැවති මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගය සන්ධානය ජාතික ලැයිස්තු ආසන 5 ක් හිමිකර ගෙන තිබිණ.

එහිදී සමගි ජන බලවේගය සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පක්ෂයේ ප්‍රබලයන් පිරිසක් මහ මැතිවරණයට පෙර සන්ධානයේ සෙසු පක්ෂ වෙත ලබාදුන් පොරොන්දුව උල්ලංඝනය කරමින් සමගි ජන බලවේගය පක්ෂයේ පස් දෙනෙකු ජාතික ලැයිස්තුවට නම් කිරීමට උත්සාහ කිරීම හමුවේ අර්බුදය පැනනැඟ තිබේ.

එහිදී සජබ උත්සාහ කර ඇත්තේ රංජිත් මද්දුම බණ්ඩාර , ඩලස් අලහප්පෙරුම, ඉමිටියාස් බාකිර් මාකර් , සුජීව සේනසිංහ, ජනරාල් මහේෂ් සේනානායක යන පිරිස ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස නම් කර යැවීමට ය.

නමුත් සජබ සන්ධානයේ සෙසු පක්ෂ ඊට විරෝධය දක්වමින් පෙන්වා දී ඇත්තේ මහ මැතිවරණයට පෙර පොරොන්දු වූ ආකාරයට තමන් වෙත ලබාදෙන බව සඳහන් කළ ජාතික ලැයිස්තු අවස්ථා පොරොන්දු වූ ආකාරයට අවශ්‍ය බවයි.

මෙම අර්බුදය විසඳීම සජිත් ප්‍රේමදාස කල්මරමින් සිටින පසුබිමේ සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර තමන්ගේ නම පමණක් මැතිවරණ කොමිසම වෙත යවා ඇත.

කෙසේ වුවත් මේ වනවිට ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හතර (04) සඳහා ඩලස් අලහප්පෙරුම, ඉරාන් වික්‍රමරත්න, මනෝ ගනේෂන්, ඉමිටියාස් බාකීර් මාකාර්, ජෙනරාල් මහේෂ් සේනානායක, නීතිඥ රවී ජයවර්ධන, නිසාම් කාරියප්පර්, සුජීව සේනසිංහ, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය සහ මහාචාර්ය චරිත හේරත් අතර තියුණු සටනක් මතුව ඇති බවත් වාර්තා වෙයි.

සමගි ජන බලවේගය විසින් මහ මැතිවරණයට පෙර ඉදිරිපත්කර තිබු ජාතික ලැයිස්තුව

* රංජිත් මද්දුමබණ්ඩාර – සමගි ජන බලවේගයේ මහ ලේකම්, හිටපු අමාත්‍ය
* ඉමිටියාස් බාකීර් මාකාර් – හිටපු අමාත්‍ය
* ඩලස් අලහප්පෙරුම – හිටපු අමාත්‍ය
* සාගරන් විජයන්දිරන්
* නිසාම් කාරියප්පර්
* සුජීව සේනසිංහ – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
* මහාචාර්ය ජී.එල්. පීරිස් – හිටපු අමාත්‍ය
* වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ – හිටපු අමාත්‍ය
* නීතිඥ උපුල් ජයසූරිය
* ආචාර්ය මහීම් මෙන්ඩිස් – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
* උපුල් බණ්ඩාර දිසානායක
* මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස
* ලිහිණි ප්‍රනාන්දු
* රවීන්ද්‍ර සමරවීර – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
* ආචාර්ය අතුලසිරි සමරකෝන් – ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව සහ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
* කෙනඩි ගුණවර්ධන
* ලලිත් ප්‍රසන්න පෙරේරා
* මහාචාර්ය විශාඛා සූරියබණ්ඩාර – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
* ජනරාල් මහේෂ් සේනානායක
* නීතිඥ රවී ජයවර්ධන
* තිසත් විජේගුණවර්ධන
* එල්. මිත්‍රපාල
* පලනිවේලු රමේෂ්වරන්
* බාලක්‍රිෂ්ණන් සිවනාසන්
* ගණපති නකුලේස්වරන්
* මහාචාර්ය චන්දිමා විජේගුණවර්ධන
* එම්.එච්.එම්. රූමි
* මුහම්මදු ඉස්මයිල්
* ඉන්දික බණ්ඩාරනායක – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

Previous articleජාත්‍යන්තර සහ දේශීය සතුරාගේ ඉලක්කය තාමත් එලෙසම තිබෙනවා – මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
Next articleපිල්ලෙයාන් CID යට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here