විදේශගත ශ්‍රමිකයන් මැයි මාසයේදී ඩොලර් මිලියන 544.4ක් රටට එවා ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසනවා.
එම අගය මේ වසරේ අප්‍රේල් මාසයේදි වාර්තා වූ ඩොලර් මිලියන 543.8 මෙන්ම පසුගිය වසරේ මැයි මාසයේද වාර්තා වූ ඩොලර් මිලියන 479.7ක අගයද ඉක්මවා යාමකි.
මේ වසරේ මේ දක්වා ඩොලර් බිලියන 2.624ක් එවා ඇති බවත්, ඇමැතිවරයා අමාත්‍යාංශය භාර ගත් දිනයේ සිට මේ දක්වා ඩොලර් බිලියන 11.3ක් විදේශගත ශ්‍රමිකයන් රටට එවා ඇත් බවත් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.