තමන් කිසිඳු අවස්ථාවක පක්ෂ මූලික කරගනිමින් කටයුතු කර නොමැති බවත් තමන් සෑම විටම රට දිනවීමට කටයුතු කළ බවත් ඊට සුදුසුම තැන අද වන විට තොරාගෙන තිබෙන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
සෑම විටම රට දිනවීමට කැපවීමෙන් කටයුතු කළ නිසාවෙන්ම මෙරට ලාබාලතම කම්කරු අමාත්‍යවරයා බවට පත්වීමටද තමන්ට අවස්ථාව හිමිවූ බවත් තමා මෙන්ම මෙරට සෑම පුරවැසියෙකුම රට දිනවීමට නිදහස් පුද්ගලයෙකු ලෙස කටයුතු කළයුතු බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ සංවිධානය කර තිබූ ජයගමු ශ්‍රී ලංකා ජංගම සේවා වැඩසහනට සමගාමීව මෙරට තරුණ පරපුර ස්මාට් වැඩ්ඩන් බවට පත් කිරීමේ ස්මාට් යූත් ක්ලබ් පිහිටුවීමේ පළමු වැඩසටහනට එක් වෙමින් අද (1) දින එක් වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය,
තෙල්, ලයිට්, කිරිපිටි, බෙහෙත් නැති වුන කාලයේදී අපිට මේ විදිහට ගොඩ නැගෙන්න පුළුවන් වෙයි කියලා හිතුවාද? ඒත් හිතන්න බැරි දේවල් කරන්න පුළුවන් කියලා අපි ඔප්පු කරලා පෙන්නුවා. ඒ වෙනුවෙන් කැපවෙලා වැඩ කළා. අද ඩොලර් බිලියන හතරයි දශම හතරක් සංචිතයට ගොඩ නැගෙන තැනට වැඩ කරන්න පුළුවන් වුනා.
අපි බැංකු හරහා ඩොලර් එවන්න කියලා දැන්වීම හදන්න කටයුතු කළා. මේක මුදල් අමාත්‍යාංශයේ වැඩක් කියලා හිතන්නේ නැතිව මේ වැඩේ අපි අතට ගත්තා. මේ දැන්වීම් හදන්න අපිට සල්ලි තිබුනේ නැහැ. ඉතින් අපි අපේ මිතුරන්ගේ සල්ලි වලින් තමයි මේක කළේ. ඒවාට රජයේ මුදල් අපි භාවිතා කළේ නැහැ.
මුදල් රට තුලට ගෙනවා ගන්න අපි විවිධ ක්‍රමවේදයන් භාවිතා කළා. එහිදී විදේශ මුදල් එවන පිරිසට වාහන ආනයනය කරන්න බලපත්‍ර ලබාදෙන්නත් අපි කටයුතු කළා. ඒ විදිහට අපි ඇමරිකානු ඩොලර් බිලියන අටයි දශම පහක් රට තුලට ගෙන එන්න කටයුතු කළා. ඒ විදිහටයි අපි අද ඉන්න තත්ත්වයට අමාත්‍යංශයක් විදිහට ප්‍රධාන දායකත්වයක් ලබාදීම සිදු කළේ. අපි කළේ බැහැ කියල හිතපු දෙයක්.
භෞතික විද්‍යාවේ තියෙන දෙයක් තමයි ගුවන් යානයක් ගුවන් ගත කරනවා නම් ගුවන් යානයේ දිගට සාපෙක්ෂව දිගකින් යුතු තටු තිබිය යුතුයි කියන කාරණය. ඒත් බම්බල් බී කෙනෙක් දිහා බලන කොට ඒ සත්වයාට තියෙන පුංචි තටු වලින් ශරීරය ඔසවාගෙන යන්නේ කොහොමද කියලා හිතෙනවා.
හැබැයි නොමැරී ජීවත් වෙන්න ඕනේ නිසා මේ සත්වයා තටු ඉතාම වේගයෙන් ගහලා පියාඹලා ගොස් ආහාර සොයාගෙන ජීවත් වෙනවා.
ඒත් මේ සතත් භෞතික විද්‍යාව විදිහට හිතලා කටයුතු කළා නම් ජීවිතය රැක ගන්න් ලැබෙන්නේ නැහැ. ඉතින් අපිත් මේ ගතානුගතික මානසිකත්වයේ හිටියොත් අපිටත් රැකෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ දේවල් වලට හැඩ ගැහුනේ නැත්තම් අපිත් විනාශ වෙලා යන ජාතිකයක් බවට පත්වෙනවා.
අපිට අරමුණක් සඳහා යන්න අවශ්‍ය නම් කැපවෙන්න ඕනේ කියන කාරණය අවබෝධ කරගතයුතුයි. අපේ අමාත්‍යාංයේ නිලධාරීන් ඉතාම කැපවීමකින් කටයුතු කළ නිසාත් ඒකට විදේශ ගත ශ්‍රමිකයින් උදව් කළ නිසාත් අපිට අද වෙනකොට මේ විදිහට ජීවත් වෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා.
බොහෝ වෙලාවට වෙලා තියෙන දේවල් වෙනස් කරගන්න අපිට කිසිම වුවමනාවක් නැහැ. අපිට තියෙන තැනින් එහාට හිතන්න වුවමනාවක් නැහැ. ඒත් තරුණයින් මේ බම්බල් බී වගේ හිතන්න ගත්තොත් ඔවුන්ට ආණ්ඩුවෙන් රස්සාවක් දෙනකම්වත් දේශපාලඥයෙක් ගෙන් රස්සාවක් දෙනකම්වත් බලාගෙන ඉන්න වුවමනාවක් ඇති වෙන්නේ නැහැ.
ඔබ ව්‍යවාසයකයින් බවට පත්වෙන්න, තමන්ට ගැලපෙන රස්සාවක් ගන්න වෘත්තිය අධ්‍යාපනයක් ලබාගන්න කටයුතු කළයුතුයි. අපිට රැකෙන්න අවශ්‍ය නම් කැපවෙලා කටයුතු කළයුතු වෙනවා. ඇතැම් අය මගේ අම්මා තාත්තා දුප්පත් නිසා, ඉගෙන ගෙන නැහැ කියල උත්සහ නොකර ඉන්නවා. ඒත් වුවමනාව තියෙනවා නම් වෙනස් කරන්න ඕනෑකම් තියෙනවා නම් අපිට වෙනස් කරනන් පුළුවන්.
අපි ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා කියනවා. ඒත් ඇයි අපි එහෙම කියන්නේ. ඇයි අර ලොකු රටට ඉන්දියන් සාගරය කියලා නම දුන්නේ? අපේ රට දියුණු වෙලා තිබුණා නම් මේ සාගරය අපේ රටේ නමින් වෙන් කරන්න හැකියාවක් තිබුණේ නැද්ද? අපි එහෙම දෙයක් කල්පනා කළේ නැහැ.
අපි කලේ අපිට දීලා තිබුණ තැන, වැටිලා තිබුණ තැන ඒ විදිහමට පිළිගත්ත එකයි. අපි ලෝකයෙන් කිව්ව දේ ඒ විදිහටම පිළිගත්තා. අපිට එහෙම හිතන්නවත් ඉඩ දීලා නැහැ. අපිට එහෙම හිතන්නවත් ඉඩ නොදෙන රාමු ඇතුලත තමයි අපිව හදලා තියෙන්නේ. මේ රාමුව බිදීම තමයි දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ.
පරණ පරම්පරාව අපිට කියලා දීපු දෙවල් වලින් එහාට හිතන්නේ නැතිව අපි ජාතියක් විදිහට කවුරුන් හෝ කියන දෙයක් අහගෙන රැලි වලට යනවා. කවුරු හෝ රැල්ලක් හැදුවොත් ඒ රැල්ලට අපිත් යනවා. ඒත් අපි හිතලා හරි දේ මොකක්ද කියලා හිතන්නේ නැහැ.
අපේ සියලා, අම්ම්ලා, තාත්තලාත් අහුවෙලා අද අපිත් විටෙන් විට අහුවෙනවා. අපි 1956 ඉදන්ම අහුවුනා. කොටින්ම කියනවා නම් දැන් කෙනක් ඇවිත් මම දැන් බුදුවෙලා වගේ, මට බලයක් තියෙනවා කියලා කව්වාම වදින තත්ත්වයකට අපි වැටිල ඉන්නවා.
අපි විස්සේ ඉදන් තිහට තියෙන ඉලක්කම් ගණනා ගනන් කරද්දී අපිට පුරුද්දට කියවෙන්නේ ඉලක්කම් දහයක් කියලා. ඒත් ඇත්තමට තියෙන්නේ ඉලක්කම් 11ක්. මොකද අපිට නිතරම බිංදුව අමතක වෙනවා. ඇත්තමට අපිට දියණු වෙන්න බැරිවෙන්නේ අපිට බිංදුව අමතක වෙන නිසයි. අපි බිංදුවෙන් පටන් ගත්තොත් අපිට එතන ඉදලා උඩට යන්න පුලුවන්. හැබැයි ඒකටත් අපිට තර්ක කරන්න පුළුවන් වෙන්න ඕනේ.
අපි මතයක් හැදුවාම අපිට අපේ ජීවිත ගැන තීන්දු තීරණ ගන්න ඇති හයියක් නැති වෙනවා. අපි හීනයක් හදාගන්න ඕනේ. අද තරුණයින් සියලුදෙනා අතරමං වෙලා ඉන්නවා. ඒ නිසා අපි ඒකට මඟ පෙන්වන්න ඕනේ.
අලුතින් හිතන එක දඞුවම් දෙන වරදක් නෙමෙයි. එතකොටයි අපිට ලෝකය දිනන් හැකියා ලැබෙන්නේ. රට ජයග්‍රහනය කරන්නම් නම් අපේ රටේ තරුණයින්ව ඒකට සූදානම් කළයුතුයි. ඒ වගේම කැමත්ත අනුව පුහුණු වැඩසටහන් වලට තොරගෙන ජනාධිපති අරමුදලින් පුහුණු කිරීම් කිරීමට වලට යොමු කරන්න කියලා ජනාධිපතිතුමා මට කියලා තියෙනවා. ඒ අනුව අවුරුද්දක් ඇතුලත තරුණ තරුණ තරුණියන් දසදහසක් වෘත්තීය පුහුණ වලට යොමු කරලා රැකියා ගත කරනන් කියලා ජනාධිපතිතුමා මට කිව්වා.
අපි 2048 යන්න පුරුදු ටිකක් ඇති කරගතයුතුයි. අපිට එක පාරටම දියණු වෙන්න බැහැ. ඒකට විනය ඇති කරගතයුතුයි. අපි වැඩ කරන්න නම් බලය තියෙන්න ඕනේ කියලා හිතනවා. ඒත් මම බලය නැතිව වැඩ කරන්න පුළුවන් කියලා පෙන්නුවා. ඒ නිසා අපිට බලය නැතිව වැඩක් කරන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ ඉලක්කය සහ කැපවීම විතරයි.
මට පාට පක්ෂ ආදාල නැහැ මම අවශ්‍ය කරන්නේ රට දිනවන එකයි. ඒකට සුදුසුම තැන මම අද තෝරගෙන තියෙනවා. එහෙම වෙලා ලාබාලතම කම්කරු ඇමති වෙන්න මට හැකියාව ලැබුනා. ඒකට අවශ්‍ය වුනේ ඉලක්කයක් කරා යෑම විතරයි.
අපිට සම්පූර්ණ මිනිසෙක් වෙන්න තමන්ට නිදහස් මිනිසෙක් විදහට ජීවිතය ආරම්භ කළ යුතුයි.