Home අද නිල සංචිත ඉහළට

නිල සංචිත ඉහළට

2115
0

රටේ නිල සංචිත 2023 වසරේ දෙසැම්බර් මස අවසානය වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 4.4ක් දක්වා ඉහළ ගියේ බව ශ්‍රි ලංකා මහ බැංකුව සඳහන් කරයි.

චීන මහජන බැංකුවෙන් ලද එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන විදේශ විනිමය හුවමාරු පහසුකම මෙයට ඇතුළත් වූ බවද මහබැකුව සඳහන් කර තිබේ.

සමස්තයක් වශයෙන්, මහ බැංකුව 2023 වසරේ දී ශුද්ධ පදනම මත එක්සත් ජනපද ඩොලර් බිලියන 1.9ක් පමණ මිලදී ගෙන ඇත.

චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාර් පහසුකම ද ඇතුළුව 2023 වසරේ දෙසැම්බර් මස වන විට දළ නිල සංචිතවල ආනයන ආවරණය 2021 වසරේ අප්‍රේල් මාසයෙන් පසුව පළමු වරට ආනයනික මාස 03ක සීමාව ද අභිබවා ගය බවද  ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2023 දෙසැම්බර් මාසයේ විදේශීය අංශ ක්‍රියාකාරීත්ව වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

 

Previous articleමම හැමදාම වැඩ කළේ රට දිනවන්න. අද මම ඒකට සුදුසුම තැන තෝරගෙන තියෙනවා – ඇමති මනූෂ
Next articleප්‍රාථමික සිසුන්ට මාර්තුවේ සිට දිවා ආහාර වේලක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here