Home අද ප්‍රාථමික සිසුන්ට මාර්තුවේ සිට දිවා ආහාර වේලක්

ප්‍රාථමික සිසුන්ට මාර්තුවේ සිට දිවා ආහාර වේලක්

1284
0

රජයේ පාසල්වල 1 ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා දරුවන්ට ලබන මාර්තු මාසයේ සිට දිවා ආහාර ලබා දීමට රජය සැලසුම් කර තිබෙනවා.

එම වැඩසටහන යටතේ සිසුවකුට දිනකට රුපියල් එකසිය දහයක මුදලක් වෙන්කර තිබෙන බවද සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා සඳහන් කළේය.

මෙරට පාසල්වල 1-5 ශේ‍ර්ණිවල දරුවන් ලක්ෂ 16ක් සිටින බවද පාසල් දිවා ආහාර වේල ලබාදීම වෙනුවෙන් මෙවර රුපියල් බිලියන 16ක් වෙන් කර ඇති බවද ඔහු පැවැසීය.

ජාතික පාසල්වල විදේශ භාෂා ඉගැන්වීම පිණිස බඳවාගත් උපාධිධාරීන් 162 දෙනකුට ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශේ‍ර්ණියට පත්වීම් ප්‍රදානය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.

මේ අතර දිවා ආහාර වේල පිළියෙල කිරීමට ඉදිරි මාස අටක් තුළ පාසල් දරුවන් ලක්ෂ 5කට සරිලන සේ සබලකෘත සහල්් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සැලසුම් කොට ඇත.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය හා ලෝක ආහාර වැඩසටහන ඒකාබද්ධව මේ වැඩසටහන ආරම්භ කෙරේ.

මේ වැඩසටහන සඳහා ලෝක ආහාර වැඩසටහන ලබා දුන් රුපියල් මිලියන 108ක මුදලක් ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දී ඇත.

Previous articleනිල සංචිත ඉහළට
Next articleඅපිට ඉලක්කයක් තියනවා. හැබැයි එතනට බෙදිලා යන්න බෑ – ඇමති මනුෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here