Home අද කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18ක තැපැල් ඡන්දය කල් යයි

කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18ක තැපැල් ඡන්දය කල් යයි

74
0

කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18 ක තැපැල් ඡන්දය විමසීම ප්‍රමාද වන බව මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

ලබන මස 06 වැනි දින පළාත් පාලන ආයතන වල මැතිවරණය පැවැත්වීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය හමුවේ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද වීම ඊට හේතු වී තිබේ.

කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18 කට ලබා දුන් අධිකරණ තීන්දුව අධ්‍යයනය කරමින් මුද්‍රණාලයට දැනුම් දීමට කටයුතු කරමින් සිටින බව ඉහත නිලධාරියා සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය විමසීම මෙම මස 22, 23 සහ 24 යන දිනවල පැවැත්වීමට සැලසුම් කර ඇත.

එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි ඡන්ද දායකයින් සඳහා අප්‍රේල් මස 28 සහ 29 යන දිනවලින් ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව සලසා දී තිබේ

Previous articleඋසස් පෙළ ප්‍රතිඵල එන දවස
Next articleචතුරංගගේ කතා විකෘති කරලා : වහා විමර්ශනයක් කර දඬුවම් දෙන්න : පරිගණක අපරාධ අංශයට පැමිණිල්ලක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here