Home අද කටානේ වෙඩි තැබීමට හිටපු පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට

කටානේ වෙඩි තැබීමට හිටපු පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට

94
0

කටාන ප්‍රදේශයේදී ඊයේ (22) රාත්‍රියේ වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගෙනන ඇත.

පුද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි වැදීමෙන් තිස්පස් හැවිරිදි තරුණයෙකු මිය ගොස්තිබේ.

මෙම තරුණයා හිටපු මන්ත්‍රීවරයාට තියුණු ආයුධයකින් පහර දී ඔහු ඝාතනය කිරීමට ඇතැත්කළ අවස්ථාවේදී හිටපු මන්ත්‍රීවරයා විසින් ඔහුගේ පෞද්ගලික ගිනි අවියෙන් වෙඩි තබා ඇති බව පොලිසිය පවසයි.

තුවාල ලැබූ තරුණයා මීගමුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.

Previous articleමාතර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වය හේතුව පොලිසිය පවසයි.!
Next articleනිලන්තිගේ SMS එකත් උගණ්ඩාවේ ඩොලර් කතාව වගේමයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here