Home අද නැවත දැනුම්දෙනතුරු රැඳවියන් බලන්න ඥාතීන්ට තහනම් – රැ‍ඳවියන් 250 ක් බාර වෙයි...

නැවත දැනුම්දෙනතුරු රැඳවියන් බලන්න ඥාතීන්ට තහනම් – රැ‍ඳවියන් 250 ක් බාර වෙයි !

117
0

මාතර බන්ධනාගාරයේ ඇතිව තිබෙන කලබලකාරී තත්ත්වය යටතේ රැඳවියන්ගේ කිසිදු ඥාතියකුට ඔවුන් බැලීම සඳහා අද (23) සිට නැවත දැනුම්දෙනතුරු නොපැමිණෙන්නැයි දැනුම් දීමක් කර තිබේ. ඇතිව තිබෙන තත්ත්වය මත අධිකරණ කටයුතුවලටද බලපෑම් එල්ලවී ඇතැයි බන්ධාගාර ආරංචිමාර්ග අනුව වාර්තා වේ.

මේ අතර බන්ධනාගාරයේ කළහකාරී ලෙස හැසිරෙමින් ගැවසුණු රැඳවියන් 250 දෙනකු මේ වන විට සිය කැමැත්තෙන්ම බාර වී ඇති බවත් ඔවුන් මේ වන විට ආරක්ෂිතව අඟුණකොළපැළැස්ස බන්ධනාගාරයට රැගෙන යනු ලබන අතර බාර වී නොමැති රැඳවියන්ට තවමත් කාලය ලබා දී ඇති බවත් බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

රැඳවියන් 509 දෙනකු මෙලෙස කළහකාරී ලෙස හැසිර තිබෙන බවත් එයින් 25 දෙනකු කාන්තා රැදවියන් බවද බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි

Previous articleනිලන්තිගේ SMS එකත් උගණ්ඩාවේ ඩොලර් කතාව වගේමයි !
Next articleපොලිස් භාරයේ සිටියදී මියගිය නිමේෂ් සත්සරගේගේ මෘත දේහය යළි ගොඩගනී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here