ජනාධිපතිවරයා සිංහල දෙමළ අලුත් අවුරුදු සුබ පැතුම් එක්කරන කෙටි පණිවිඩය (sms) සඳහා මුදල් වැයවීමක් සිදුනොවන බව අනාවරණය වෙයි.
මේ සම්බන්ධව කතාබහක් ඇරඹුණේ ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටච්චි විසින් ජනාධිපති අනුර කුමාර දිසානයක විසින් මෙතෙක් ජනාධිපතිවරුන් සම්ප්‍රදායක් ලෙස දුරකථන පාරිභෝගිකයන් වෙත යොමුකරන අලුත් අවුරුදු සුබ පැතුම් කෙටි පණිවිඩය යොමුනොකර රුපියල් මිලියන 98ක මහජන මුදලක් ඉතිරි කළ බව පැවසීමත් සමඟ ය.
මේ සම්බන්ධව සිදුකළ සොයාබැලීමේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පාර්ශ්වයෙන් අවධාරණය කර සිටියේ අලුත් අවුරුදු කෙටි පණිවිඩ සඳහා රුපියල් මිලියන 98ක් වැය කළ බවට පළ වූ චෝදනා අසත්‍ය බවයි.
ජනාධිපතිවරුන් විසින් ජනතාවට අවුරුදු සුබ පැතුම් පණිවිඩ යවන ලද්දේ නොමිලේ බවත්
එය ටෙලිකොම් සමාගම් විසින් සපයන සේවාවක් බවත් එහිදී සඳහන් කර සිටියේ ය.
එසේම තවත් පාර්ශ්ව කිහිපයක් වෙතින් අප විමසීමේදී ඔවුන් ද මේ බව තහවුරු කෙරිණ.
මේ සම්බන්ධව අදහස් දක්වමින් දේශපාලන විචාරකයෙකු අවධාරණය කර සිටියේ මේ මොහොතේ ආණ්ඩුව විසින් පවසන ඕනෑම දෙයක් ජනතාව විසින් පිළිගන්නා ස්වභාවයක් පෙන්නුම් කරන බැවින් ආණ්ඩුවේ මැතිඇමතිවරුන් බොරුව සහ වෛරය යොදාගෙන එකී ජනප්‍රියත්වය නඩත්තු කරන බවයි.
එහි අයහපත් ප්‍රතිඵල දිගු කාලීන බවද පෙන්වාදුන් ඔහු ආණ්ඩුව පාර්ශ්වයන් පවසන බොහෝ වියදම් කප්පාදු කතාද මේ ආකාරයේ ජනතාව නොමඟයැවෙන ප්‍රකාශ බවද පෙන්වා දුන්නේය.
ඒ අනුව නිලන්ති කොට්ටච්චි මන්ත්‍රීනියගේ උගණ්ඩාවේ ඩොලර් කතාව සහ SMS කතාවේ වෙනසක් නොමැති බවද ඔහු සඳහන් කළේය .